(ඩයනා උදයංගනී)
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පවත්වන විරෝධතාවක් මේ වන විට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසල පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ ජල බවුසර් ආදිය ස්ථානගත කර තිබෙන අයුරු ද දක්නට තිබේ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පණපිටින් අපායට යවන්න ඕනෑ.
කාලකන්නි දෙමවුපියන්ගෙන් කනබොන දෙමව්පියන් ගාව ලගින ජනතා මුදලින් රු 5000 පිනට ගන්න මේ කාලකන්නි නඩත්තුව රටට බරක්...
තේරුමක් නැති කාලය කාදමන්නන්...!