IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මහකනදරාවේ වැලි ව්‍යාපෘතියක් පරිසරය වනසයි

(උපුල් හේරත්)

මහකනදරාව වැව් රක්ෂිතයට යාබදව පිහිටි ඉඩමක වැලි පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම නිසා විශාල පාරිසරික හානියක්  සිදුව ඇති බව අඹගහවෙල ගම්වාසීහු පවසති.

මිහින්තලේ,අඹගහවෙල,ගමට යාබදව ඇති මහකනදරාව වැවි රක්ෂිතයට නුදුරින් පිහිටි ඉඩමක වැලි පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් මෙසේ ආරම්භ කර ඇත.

මේ පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්  කළ විමසීමක දී කියා සිටියේ ,වාරි මාර්ග දෙපාර්තමේන්තුව ,ගොවි ජන සේවා කොමසාරිස් කාර්යාලය ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,මධ්‍යම පරිසර අධිකාරිය , හා ඊට අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ගෙන වාර්ෂික බදු බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි .

අනුරාධපුර වාරි ඉංජිනේරු ලසිදු කොටවිල ආරච්චි මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ ,එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තම ආයතනයේ නිලධාරීන් දෙදෙනකු යොදවා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි .

ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙවැනි අදහසකි .

මහකන්දරාව වැව රක්ෂිතයට නුදුරින් පිහිටි ඉඩමේ කෘෂි පාරවල් ,වේලි යන දෑ විනාශ කර ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන්  පැමිණිල්ලක් ලැබුණා. ඒ අනුව මූලික පරීක්ෂණ ආරම්භ කළා. අප ආයතනයේ නිලධාරින්ගෙන් ලැබුණු වාර්තාවට අනුව එහි හානියක් සිදුව ඇති බවට වාර්තා වෙනවා. ඒ පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්,පතල් හා භූ විද්‍යා කැනීම් ඒකකයටත් වාර්තාවක් මගින් දැනුම් දෙන බව කොමසාරිස්වරයා සඳහන් කළේය.

 



අදහස් (6)

මහකනදරාවේ වැලි ව්‍යාපෘතියක් පරිසරය වනසයි

Perera Tuesday, 30 August 2022 12:18 AM

දේශපාලකයෙක් ඕක පිටිපස්සෙත් නිසැකවම ඇති...

:       0       0

piyarathna Tuesday, 30 August 2022 02:03 AM

මොවුන්ටත් දැන් තමයි අමාරුව... මුලදී වැලි කාරයාගෙන් හොඳට කසිප්පු ගහන්න ඇති... ඔතෙක් දේවල් කරනකන් බුදියගෙනද හිටියේ...?

:       0       0

දාස Tuesday, 30 August 2022 05:49 AM

ඕක පිටිපස්සේ ඇත්තේ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ පොහොට්ටුවෙක්....

:       0       0

පුරවැසියෙක්.... Tuesday, 30 August 2022 11:36 AM

මේවාට අනුග්‍රහය ලබාදීම සිදුකරන පුද්ගලයින් පවා සොයා දඬුවම් ලබාදීමට පියවර ගත යුතුයි. මෙහි කොනක ප්‍රාදේශීය සභා මන්ත්‍රීයෙකු හෝ දේශපාලනඥයින්ට වඩා හොරාකෑමේ යෙදී සිටින රාජ්‍ය නිලධාරියෙකු සිටිනවා විය හැකියි. අමරවීර අමාත්‍යතුමනි, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවීම මැනවි...!

:       0       0

Sunil Wednesday, 31 August 2022 06:20 AM

මුදලට කෑදර නිලධාරින් සිටිනතුරු රටම විනාශයි.

:       0       6

Santhu Wednesday, 31 August 2022 03:32 PM

ඔය පළාතේ ඇමැති කෙනෙක් පළාතම හාරහාර උන්නනේ. එයාගේ සම්බන්ධයක් නැහැ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16943 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site