
(යොහාන් භාසුර)
කර්මාන්තශාලා 34කින් සමන්විත, රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළවලට සොරුන්ගෙන් එල්ල වී තර්ජනය පිළිබඳව අවධානය යොමුකර නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.
දුම්රිය සේවකයින්ට තර්ජ සහ බිය වැද්දීම් කර රජය සතු දේපොළ සොරා ගැනීමට සංවිධානාත්මක පිරිසක් ක්‍රියා කරන බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත් ගල්කිස්ස දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම වැඩපොළ තුල සිදුවන මහා පරිමාණ සොරකම්, වංචා, දුෂණ පිලිබඳ විමර්ශනයක් පවත්වා ඇති බවක් ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සමඟ රත්මලාන දුම්රිය වැඩපොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි අපේ පොලීසිය ගැන කියන්න. දේශපාලකයින්ට ඕනෑ විදියට අරගලකරුවන් පන්න පන්න හොයනවා. දුම්රියේ බඩු හොරකම් කරන අයව හොයාගන්න ඒවා ආරක්ෂා කරගන්න බැහැ... දුම්රියත් රටේ දේශපාලකයෙක්ගේ වුණා නම් පොලීසිය පන්න පන්න හොයයි.
ගරු අධිකරණයට බාරවෙන්න කියලා කිව්ව කෙනෙකුත් ඉන්නවා නේද?
රත්මලාන දුම්රිය වැඩපොළ සොරුන්ගෙන් බේරාගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කිරීමට "ගෞරවනීය" යූනියන්ස් සම්බන්ධ වී නැත.
බයියන්ට ගහනවා කිව්වොත් නම් වැඩේ කෙරෙයි. නැත්නම් ඉතින් බඩුම තමයි...!
ඇමැතියාගේ ඉඳලා දුම්රියේ පහළම සේවකයා දක්වා ඉන්නේ හොරු... මොවුන් හොරකම් කරන්නේ එක එක විදිහට කොමිස් ගැහිල්ලෙන්..., පරණ ඇන්ජින් ආනයනයෙන්, යකඩ කෑල්ලෙන්, පඩියෙන්, ඕටි එකෙන් ඇකුළුව මහඅය මහා පරිමාණයෙන් පොඩි අය සුළු පරිමාණයෙන්. හොරුන්ගෙන් ආරක්ෂා කරන්නයි කියලා තවත් ගාණක් කපාගන්නයි හදන්නේ...
ඉංග්‍රීසි කියමනක් තිබෙනවා හොරෙක් අල්ලන්න හොරෙක් යොදවන්න කියාලා. ඒ කියමන ක්රීයාත්මක වෙන පටන් ගැන්මේම බව පෙනෙනවා.