
(තිලකරත්න දිසානායක)
වයස අවුරුදු 15 ක දරුවකු පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සමත්ව ඇත.
කඩවත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 9 වෙනි ශ්‍රේණියෙහි දැනට ඉගෙනුම ලබන දෙවුම් සනහස් රණසිංහ නමැති මෙම දරුවා 8 වෙනි ශ්‍රේණියේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ - 6 ක්, බී සාමාර්ථ - 2 ක් සහ සී සාමාර්ථ - 1 වශයෙන් ලබා ඇත.
පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 173 ක් ලබා ගැනීමට සමත්ව ඇති සනහස් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වයස අවුරුදු 13 දීය.
ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් ඇති සනහස් අනාගත අපේක්ෂාව නීති ක්ෂේත්‍රයට බව ඔහු පැවසීය.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහලා වන සනහස් මව සහ පියා ඔහු අධ්‍යාපනය ලබන විදුහලෙහි ගුරු භවතුන් ලෙස සේවය කරති.
සනහස් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට සාකච්ඡා කරන බව මව වන මල්කා රණසිංහ මහත්මිය සදහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය විශ්ව විද්‍යාලයක නම් විවිධ ප්‍රශ්න මතුකර ඉඩක් නොදෙන්න හොඳටම ඉඩ තියෙනවා. බලන්න මෙම දරුවා කොපමණ දක්ෂ දරුවෙක්ද කියලා.. මෙහෙම අයට ලංකාවේ කිසිම ඉඩක් නැහැ. ඒ නිසා හැකියාව ඇති දරුවන්ට වයස නොබලා විභාගයට ඉදිරිපත් වෙන්න ඉඩකඩ සලසන්න ඕනෑ... මේ පුද්ගලික පාසල්වල තත්වය... මෙම පුතණුවන් ආචාර්ය හෝ මහාචාර්ය වෙනතුරු රජයේ විද්‍යාල වලින් පිටවෙන දරුවන්ට සාමාන්‍ය උපාධියවත් ගන්න බැහැ. මේ දරුවාට සකල සෞභාග්‍යය උදාවේවා...!
මගේ අදහස නම් පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමයි. මොකද ඉහල ඉංග්‍රීසි දැනුමක් ලැබෙනවා. පිටරට යන බලාපොරොත්තුවක් තිබෙනවානම් PR ගැනීමේදී පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහතිපත් වලට ඇති සැලකිල්ල වැඩී.
අති විශිෂ්ඨයි... සුබ අනාගතයක්...?
අතිවිශිෂ්ටයි, සතුටුයි දරුවෝ..!
තෙරුවන් සරණයි!
රජයේ පාසල් සිසුන්ට මෙය කළ නොහැක. උසස් පෙළ පෞද්ගලිකව අයදුම් කිරීමට ඔවුන් පාසල් හැර යාමේ සහතිකය ඉදිරිපත් කළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ පාර වැහිලා.