(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (30)පස්වරුවේ ඉදිරිපත් කෙරේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සවස 1.00ට රැස්වීමට නියමිතය.
ජනාධිපතිවරයා අයවැය කතාව කියවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද සවස 1.00ට පමණය.
අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
නව සංශෝධන පනත් කෙටුම්පත අනුව රජයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි හතළිස් හත් දහසකින් පමණ වැඩි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd