‘සාර්ථක පාසලක් වෙන්න නම් උගත්-යහපත් පුරවැසියන් බිහිකළ යුතුයි‘
පාසලක අරමුණ විය යුත්තේ සාමාන්‍ය පෙළ ‘ඒ සාමාර්ථ’ 9ක් හා උසස් පෙළ විශිෂ්ඨ සාමාර්ථ 4ක් ලබාගන්නා සිසුන් බිහිකිරීම පමණක් නොවන බවත්, සාර්ථක පාසලක් ලෙස ආඩම්බර වීමට නම් උගත් මෙන්ම යහපත් පුරවැසියන් බිහිකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.