
(ඩයනා උදයංගනී)
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමුවැනියා බවට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ශිෂ්‍යයාය.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඔහු සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇත.
ඉදිරියේදී දේශිය හෝ විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා රටට සේවයක් කිරීම තම අරමුණ බවත්, විදෙස් විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම ගැන සොයාබලමින් සිටින නමුත් දිගටම විදේශයක ජීවත් නොවී ශ්‍රී ලංකාවට පැමිණ රටට සේවය කරන බවත් ඔහු පැවසීය.
තමන් ලැබූ ප්‍රතිඵලය වසර තුනක් මහන්සියෙන් සහ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරු, පවුලේ අය ආදී සියලු දෙනාගේ සහයෝගයෙන් ලබාගත් ජයග්‍රහණයක් බව කී සහන් සමරකෝන් සිසුවා විභාගය නියමිත කාලයේ නොපවත්වා කල්යාම ආදිය නිසා තමන්ට මානසික පීඩාවන් පවා එල්ල වූ බව කීවේය.
පාසල් අධ්‍යාපනය වෙනුවට ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක බව තමන් නොසිතන බව කී සහන් අධ්‍යාපනයට මෙන්ම පවුලේ අය සමඟ කටයුතු කිරීමට ද කාලය වෙන් කළ යුතු බවත්, ගෙවෙන කාලය යළිත් නොලැබෙන බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අනාගතයට සුබපතමි...
පුතා ඔයා කඩ්ඩෙන් වැඩ්ඩෙක්....! හැබැයි පිටරට විශ්ව විද‍්‍යාලයක ඉගෙන ගන්න යන නිසා මම අවංකවම ලියනවා ඒජන්සි මාර්ගයෙන් කිසිම විශ්ව විද‍්‍යාලයක් තෝරාගන්න එපා කියලා... එංගලන්තයේ ඉගෙන ගන්න එනවා නම් දැන්ම ඉල්ලුම් කරන්න! මේ දිනවල ළමයි බඳවා ගන්නවා... සැප්තැම්බර් 26 විශ්ව විද‍්‍යාල පටන් ගන්නේ...!