(නිමන්ති රණසිංහ)
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සිරිල් වසන්ත නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය.
එමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු වන ධානිශ් අලී නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 26 වන දිනට වාර්තා කරන ලෙසට කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි එදා මිනිස්සු රූපවාහිනී සංස්ථාව ළඟට ආවාම ඇතුළෙන්ම තමයි කිව්වේ කවුරු හරි 3-4 දෙනෙක් එන්න කියලා... පාරෙ හිටපු අය සංස්ථා බිමට බලෙන් එන්න හදපු පාටක් තිබුණේ නැහැ.
මර්වින් සිල්වාටත් ප්රශ්නයක් නැති වෙයි නේද?
මේ ගොල්ලෝ මොන සමාජ ක්රියාකාරීන්ද? එදා වේල හරිගස්සාගන්න ජෙප්පෝ...