
(යොහාන් භාසුර)
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (29) විරෝධතාවක් පැවැත්වූහ.
‘උද්ධමනය අහස උසට පඩිය නැතේ නියම දිනට, හොරා කෑවේ ගෙඩිය පිටින් පඩිය දෙන්නේ සලාකයට, ඉදිකිරීම් නතර කළා අපේ රැකියා අහිමි කළා සහ වැඩකළාට පඩි දෙන්නෙ නෑ පාලකයන්ට උත්තර නෑ’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධය දැක්වූහ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු පැවසුවේ අගෝස්තු මස වැටුප පසුගිය 25 වැනිදා ලැබිය යුතුවුවද එය මේ දක්වා ගෙවන දිනයක් හෝ බලධාරීන් ප්‍රකාශ නොකරන බවත් ජූලි මස වැටුප කොටස් දෙකකින් ගෙවමින් පසුගිය 25 වැනිදා එහි දෙවැනි කොටස දුන් බවත්ය.
ආණ්ඩුව වසර දෙකක කාලයකට ඉදිකිරීම් නතර කිරීමත් සමඟ ඉංජිනේරු සංස්ථාවට වැඩනොමැති බව කී එම නිලධාරියා එවැනි තීරණ ගත්තේ නම් ආණ්ඩුවට එහි සේවකයන් සම්බන්ධයෙන් ද පියවර ගතයුතු බව ද සඳහන් කළේය.
මෙම ගැටලුකාරී තත්වය පිළිබඳව අධ්‍යක්‍ෂ මණ්ඩලය සේවකයන්ට සාකච්ඡාවක් හෝ නොදී විසඳුමක් නොදෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ස්ථානය ද වසා දැමිය යුතුය
මෙම ආයතනය තව දුරටත් අවශ්‍ය එකක් ද ?
මෙයාලා දැන් අවුරුදු ගාණක් වැඩ නැතිව පඩි අරන් නේද? එක්කෝ රජයේ සියලු ඉංජිනේරු වැඩ මෙයාලාට දෙන්න ඕනෑ.. නැත්නම් පෞද්ගලික ඉදිකිරීම් සාධාරණව කරන්න අවස්ථාව දෙන්න ඕනෑ. ඒ මොකක්වත් නැත්නම් දෙන දෙයක් දීලා ආයතනය වසා දමන්න ඕනෑ.. තව තවත් රටට බරක් නොවී..!
ඔය ආයතනය පුද්ගලීකරණය කරන්න තිබුණේ මීට වසර ගණනකට ඉස්සර...
දස දහසක් දුක්ඛ දෝමනස්සයන් දෙඋර මත හොවා ගෙන, දිවිසැරිය ගෙවන මේ අහිංසක අසරණයින්ගේ දුක, වේදනාව නොදකින පාපතරයින් කෝ...?