(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරය අවසන් කිරීමත් සමග අහෝසිවූ පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාව අද (29) නැවතත් පත් කරනු ලැබීය.
මෙම කමිටුවට පත් කරනු ලැබ සිටින මන්ත්‍රීවරුන් වන්නේ ඒ. එල්. එම්. අතාඋල්ලා, චන්දිම වීරක්කොඩි, ප්‍රේමලාල් ජයසේකර, වී. රාධක්‍රිෂ්ණන් , විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ , ජේ. සී. අලවතුවල , නිමල් ලාන්සා, පියල් නිශාන්ත ද සිල්වා, ජයන්ත කැටගොඩ , චාල්ස් නිර්මලනාදන් , ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, කිංස් නෙල්සන්, මුදිතා ප්‍රිශාන්ති , සහ මර්ජාන් ෆලීල්ය.
මෙම කමිටුව පත් කර ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසිනි.
ආහාර සැපයීම ඇතුළු පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ගෘහ්‍ය කාරක සභාවට පැවරෙන වගකීම වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ... ඇයි මේ පාර්ලිමේන්තුව මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ..? එළියේ උද්ඝෝෂණ ඇතුලේ රණ්ඩු කරගන්නවා. මේවා කරගන්නද ජනතා මුදල් කාබාසිනියා කරන්නේ රජ සැප අරගෙන..? රටටම පේන්න මුදල් කාබාසිනියා කරන රජයේ එකම ආයතනය මොකක්ද දන්නවද ළමයිනේ...? ඒ තමයි දියවන්නා "වන්නම" එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 කි. 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!