රේගුවේ ඇස් වසා සල්ලි පන්නන්න හැදූ 5ක් දැලේ
රුපියල් මිලියන 42 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ , විදේශ මුදල් ජාවාරම්කරුවන් පස් දෙනෙකු , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .