ධනාත්මක කාර්යක් ඉටු කිරීමට චීනය සූදානම් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග,ණය බර සැහැල්ලු කර ගැනීමට ධනාත්මක කාර්ය බාරයක් ඉටු කිරීමට සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක චැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 16 July 2022
රන්ජන්ට නිදහස ? සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය. 16 July 2022
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් එයි ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (16) අලුයම ළඟා වූ බවත් එම පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 July 2022
ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැති සබයට ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. 16 July 2022
පාර්ලිමේන්තුව විනාඩි 13කට සීමා වෙයි පාර්ලිමේන්තුව පැවැත්වුණු කාලය අද විනාඩි 13කට සීමා විය. 16 July 2022
ජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයි ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. 16 July 2022
ජනපති ධුරය හිස් වී ඇතැයි පාර්ලිමේන්තුවට දැනුම් දෙයි ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 16 July 2022
තුන්වේල කාපු පවුල් ලක්ෂ 9ක් එක වේලට වැටිලා රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 16 July 2022
ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ 16 July 2022
’’තෙල් නොලැබුණහොත් මැතිසබයට එන්නේ නෑ’’ ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී ඇත. 16 July 2022
පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසියක් පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. 16 July 2022
තැන තැනට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 July 2022
සෝභිත හිමියෝ අනතුරු අඟවති අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ. 15 July 2022
වැඩබලන ජනපතිට මහා සංඝරත්නයේ ආශිර්වාද ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. 15 July 2022
කටුගහහේන රෝහලෙන් දේව ක්‍රියාවක් පාපැදියෙන් ගොස් ඉතිරිකරගත් ඉන්ධනවලින් තම පෞද්ගලික මෝටර් රථයෙන් හෘදරෝගියකු කළුතර මහරෝහලට රැගෙන ගොස් එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කළුතර කටුගහහේන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවරගත් පුවතක් මතුගම කටුගහහේන රෝහලෙන් වාර්තා විය. 15 July 2022
සති අන්තයෙත් පැය 3ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද සහ හෙට (16 සහ 17) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
රටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම නවතී ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 15 July 2022
ජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවා ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
පොහොට්ටුවේ නිල සහාය රනිල්ට පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 July 2022
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් අද රාත්‍රී කොළඹට ළගාවෙයි ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (15) රාත්‍රී ළගාවී නියමිත බවත් එම ඩීසල් තොගය හෙට පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය. 15 July 2022
හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි සොයන්න බලය පවරයි කැරලිකරුවන් අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 15 July 2022
අරලියගහ මන්දිරයට හානි කරලා අරගලකරුවන් විසින් අරලියගහ මන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි. 15 July 2022
දිය නෑ දරුවා කිඹුලාට බිලි මව පියා සමග දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවකු කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි. 15 July 2022
අගමැතිකම දිනේෂ්ට දෙන්න සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 15 July 2022
පොහොට්ටුවේ සහාය ඩලස්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ ,පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 15 July 2022
මහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද (15) නිකුත් කළේය. 15 July 2022
රෝද තුනේ ගමන ගිනි ගණන් මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු කිහිප ගුණයකින් ඉහළ යාමත්, ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් රුපියල් දහස් ගණනින් ගාස්තු අය කිරීමත් නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 15 July 2022
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2022
විශේෂ කැබිනට් රැස්වීමක් අද සවස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.00 විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීම නියමිතය. 15 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026