(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් ආසයි බයයි ප්‍රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය යෝජනා ගැන දැක්වූ අදහස් අනුව එතුමාට ජනපතිගේ අතුරු අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති නමුත් එය ක්‍රියාත්මක කරගන්න හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු යැයි පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එදා අගමැතිකම බාර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා නොබියව පැමිණ පැමිණ අභියෝගයට බෙල්ල දුන් බවද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් දිනයට වඩා අද දිනය වන විට රටේ ස්ථාවර බවක් ඇතිවී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික ගිවිසුම අස්සන් කිරීමට හැකි වාතාවරණයක් පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අතුරු අයවැය තෙදින විවාදයට සහභාගී වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Yes. You have to hold. Pandam to Ranil without clothes. You know the reason so I need not to tell here.
අභියෝග බාරගන්න පිටකොන්දක් නෑ...
ඔයා අවදි වුණාද?
අනේ මෙහෙම මිනිහෙක්, ඔය රෙදි ඇඳල ඉන්නෙ විලි වහගන්නද?
මෙ අපතය නේද ජපන් කම්පනියකින් අල්ලස් ඉල්ලල අමතිකම නැති කර ගත්තෙ දැන් ඒ පොජෙක්ට් එකත් නවත්වල තියෙන්නෙ