(යොහාන් භාසුර)
ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයෙක් නීති විරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කල රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ අඩංගු අඩි විස්සේ බහාලුම් 10 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
එම බහාලුම් දහය තුල තිබී අබලි තඹ, ඇලුමිනියම් සහ යකඩ මෙට්‍රික්ටොන් 140 ක් අත්අඩංගුව තිබූ බවත් මෙම බහාලුම් තුල ස්වාභාවික ක්‍රේප් රබර් මෙට්‍රික්ටොන් 140 ක් අඩංගු වන බව අපනයනකරු ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කරන ලද රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබූ බවත් රේගුව පවසයි.
මෙම නීති විරෝධී අපනයනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ටී රේගුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කරමින් සිටින අතර විමර්ශන අවසානයේ ලෝහ තොගය රාජසන්තක කර සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවද රේගුව සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අබිලි ද්‍රව්‍ය ටික කොහේ හරි මළකඩ කාලා යයි. එච්චරයි වෙන්නේ...!