(රංජන් කස්තුරි)
ලංකා සතොස ආයතනය වැඩිමිලට මාළු ටින් 75000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇතැයි ලංකා සතොස සේවකයෝ චෝදනා කරති.
ග්‍රෑම් 425 බර මාළුටින් එකක් රුපියල් 620ක මිලකට ලංකා සතොස ආයතනයට ලබාදීමට දේශීය ටින්මාළු නිපදවනන්ගේ සංගමය එකඟතාවය පළකර තිබියදී එම ආයතනය එය ප්‍රතික්ෂේප කර ආනයනික මාළුටින් එකක් රුපියල් 700ක මුදලකට මිලදි ගැනීමට ටෙන්ඩරයකට අනුමැතිය ලබා දී ඇතැයි ද එම සේවකයෝ කියති.
මෙලෙස ආනයනික ටින් 7500ක් වැඩිමිලකට ලබැගැනීමෙන් ලංකා සතොස ආයතනයට අහිමිවන මුදල රුපියල් ලක්ෂ 60කට ආසන්න වන බව ද ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ අය ඉඳලාම හොරු සතොස ගැන නම් කතාකරලා වැඩක් නෑ. එදා ඉඳලා කළේ හොරා කාපු එකයි.
ඒකනේ අලුත් සභාපතිතුමන්ව දැම්මේ ඉතින්..!
නන්දසේන යැව්වා වගේ ඉන්න 225ම යවන්න ඕනෑ. නැතිනම් රට ගන්න එක බොරු.