
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත විය.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. පසුගිය කාලය පුරා මිහායිල් ගොර්බචොව් රෝගාබාධ රැසකින් පීඩා විඳි බවත්, ඔහු මියගියේ රෝහල්ගතව සිටියදී බවත් රුසියානු මාධ්‍ය වාර්තා පවසයි.
සෝවියට් නායක මිහායිල් ගොර්බචොව්ගේ අභාවය සැලවුණු සැණින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කළේය.
මිහායිල් ගොර්බචොව් බලයට පැමිණියේ 1985 වසරේදීය. සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට කටයුතු කළ නායකයකු ලෙස ද ගොර්බචොව් සැලකෙයි.
එසේ වුවත්, 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී වෙන්වීම වළක්වා ගැනීමට ගොර්බචොව් සමත් වූයේ නැත.
බොහෝ රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට වෙන් වූයේ, ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවය.
සෝවියට් සමූහාණ්ඩව බිඳ වැටීමට වසරකට පෙර 1990 දී මිකායිල් ගොර්බචොව්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. ඒ, විරසක පසෙකළා සෝවියට් සමූහාණ්ඩුව සහ බටහිර රටවල් අතරේ යහපත් සබඳතා පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය ගත් බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී ආදරණීය රාජ්‍ය නායකයා...!
සිස්ටම් වෙනස් කරපු නායකයෙක්.
සෝවියට් රුසියාව විනාශ කළේ මෙයා.
ඔබතුමා තාම මව්බිමටත්, ලෝකයටත් කළ සේවයට හිසනමා ගෞරවය කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියාද පතමි..
සෝවියට් රුසියාව කෑලිකෑලිවලට කැඩුවේ මෙයා...