(යොහාන් භාසුර)

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ලබන සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වන ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.