(නිමන්ති රණසිංහ)
අරගලය පැවති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ඇතුළු වී විදේශ මත්පැන් බෝතල් පිටතට ගෙනා බව කියන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.
ජනාධිපති වරයාගේ නිවසට අයුතු ඇතුළු වීමක් සිදු කරමින් සොරකම් කළ විදේශ මත්පැන් බෝතලයක් සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින ලද ඡායාරූප සහ තොරතුරු ආශ්‍රයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළව මින් පෙරදී අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු දෙන ලද ප්‍රකාශ මත මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
413
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති නිවෙසින් රට බීම ඉස්සූ අරගලකරුවා රිමාන්ඩ්