
(යොහාන් භාසුර)
ජීවන වියදම ඉහළ යාමත් සමග වතු කම්කරුවන්ගේ දිනක වියදම රුපියල් 3500 කට වඩා ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය පිළිබඳව පඩිපාලක සභාව නැවත වරක් කැඳවන ලෙස ලංකා ජාතික වතු කම්කරු සංගමය පඩිපාලක සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවෙල් සුරේෂ් සහ එම සංගමයේ උප සභාපති සුජිත් සංජය පෙරේරා මහත්වරු මෙම ඉල්ලීම කළහ.
එම ලිපිය පඩිපාලක සභාවේ ලේකම් වසන්ත ගුණවර්ධන, කම්කරු අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. විමලසේන සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු වෙත භාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd