පොලොන්නරුවේ සෞඛ්‍ය සේවකයන් රැසකට තෙල් ලැබේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් ගණනාවක සේවකයනට ඉන්ධන ලැබීමත් සමග ප්‍රතිකාර කටයුතු අද වන විට සාමාන්‍ය පරිදි සිදු කරන බව පොලනොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි. 18 July 2022
මනෝ ගනේෂන්ගේ තීරණය හෙට අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය හෙට (19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. 18 July 2022
ඉන්දියාව ලංකාව ගැන කතා කරන්න සර්ව පාක්ෂික හමුවක් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇත. 18 July 2022
කාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක් පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති. 18 July 2022
ඇප් එකට ඉන්ධන 21 සිට ‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ පැවසීය. 18 July 2022
වජිර තව අනාවැකියක් කියයි ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ඡන්ද 140ක් හෝ ඊට වැඩියෙන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 18 July 2022
මුහුදේ ගසාගෙන ගිය රුසියානුවන් දෙදෙනා බේරා ගැනෙති හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගිය රුසියානු ජාතිකයන් දෙදෙනකු රාත්‍රි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරා ගෙන ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි. 18 July 2022
ආහාර ගන්න ඩොලර් මිලියන 14ක් ලැබෙයි ආහාර ලබා ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 July 2022
බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉටු කරන බවත් ජාතික ගමනාගමන කොමිසම අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 18 July 2022
කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටිමෙන් මෝටර් රථයේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබනි මවක් මියගොස් පස් දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. 18 July 2022
මුලතිව් කුරුඳුමලේයි විහාරයේ ඉදිකිරීම් ඉවත්කරන්නැයි නියෝගයක් මුලතිව්, කුරුදුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත් කුරුදුමලෙයි විහාරාධිකාරි ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසකට මුලිත්ව මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා තහනම් නියෝගක් නිකුත් කළේය. 18 July 2022
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි වැඩබලන ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. 18 July 2022
ඉන්ධන හලේ පිහි පහරින් තුනක් රෝහලට කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි තිදෙනකු තියුණු ආයුද ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව නිට්ටඹුව පොලීසිය. 18 July 2022
මැයි නවය සිද්ධියට 3215ක් අත්අඩංගුවට මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව සැකකරුවන් 3215 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 18 July 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2022
පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ කෝප්රල් අත්අඩංගුවට හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලෙහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 18 July 2022
පුවක් ලීයකින් පහර කෑ මිතුරා දින 4 කට පසු මියයයි හෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුවක් ලීයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 18 July 2022
කදුළු ගෑස් උණ්ඩ 50 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහරදී කඳුළු ගැස් වායු උණ්ඩ 50ක් පැහැර ගත් පුද්ගලයකු වැලිකඩ ඔබේසේකරපුර,නානයක්කාර මාවතේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 18 July 2022
ඉන්දීය ජනාධිපතිවරණය අද ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. 18 July 2022
ඉන්ධන දෙන්න නම් පෝලිමෙන් යන්න සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඊළඟ බෙදාහැරීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය සහ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනිවාර්ය බවත් දැනට පෝලිම්වල තිබෙන වාහන ඉවත්කිරීමෙන් පසුව පමණක් ඉන්ධන බෙදාහරින බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 17 July 2022
රනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ සංවිධායකගේ පුතා රටින් පනී? වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 17 July 2022
මධ්‍යම අධිවේගයේ කඩවත - මිරිගම කොටස කොට උඩ යයිද මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. 17 July 2022
මන්ත්‍රීවරුන්ට බලපෑම් කළොත් වැඩ වරදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ දී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. 17 July 2022
අනිද්දා රනිල්ට එරෙහිව විරෝධතා දිනයක් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වන ලෙස බලකරමින් ඉදිරි දින දෙක තුළ බරපතල ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් අනිද්දා (19 වැනිදා) විරෝධතා දිනයක් බවට පත්කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද (17) පස්වරුවේ පැවසීය 17 July 2022
අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල පහත දැමීමට අද (17) පස්වරුවේ පියවර ගත්තේය. 17 July 2022
ඉන්ධන බලපත්‍රයට ලක්ෂ 10 ක් ලියාපදිංචි වෙති බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන් ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට පුද්ගලයන් ලක්ෂ 10 ක සංඛ්‍යාවක් අද (17) පස්වරුව වන විට ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යංශය පැවසීය. 17 July 2022
‘‘රනිල් යටතේ අගමැති ධූරය ගන්නේ නෑ‘‘ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගැනීමට කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (17) පැවසීය. 17 July 2022
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පාස්පෝට් උප කාර්යාලයක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආගමන හා විගමන උප කාර්යාල වාහාම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 17 July 2022
‘‘මත භේද පැත්තකට දමා අවංකව කටයුතු කරන්න‘‘ දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙක ලා අවංක, කාගේත් විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කරගැනීම සඳහා මෙම අවස්ථාවේදී එකඟතාවයකට පැමිණෙන්නැයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 July 2022
ඉන්ධන මිල පහළ දමයි ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පස්වරුවේ පියවර ගත්තේය. 17 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026