‘සිංහල බෞද්ධ උරුමය රැකගන්න කැපවෙනවා‘
අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම අපේක්ෂා කරන බවත් විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය ’කොවිඩ්’ බාධක හමුවේ වුව ද රැකගනිමින් ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන්ම එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.