
(ටී.කේ.ජී.කපිල)
ජපන් මහාචාර්යවරියකවන මටෘනුරා ජුන්කෝ ගේ මහත්මියගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී බිම වැටී තිබියදී ගුවන් තොටුපළ සේවිකාවක විසින් අහුලා ආපසු බාර දෙනු ලැබුවාය.
මෙරටට ආ මහාචාර්යවරිය ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට අනතුරුව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වූ ජංගම දුරකථන සමාගමක කාර්යාලය වෙත පැමිණ ඇත.
මෙම ගණුදෙනුව සිදු වන අතරවාරයේ ඇයගේ මුදල් පසුම්බිය බිම වැටී ඇත .
ගණුදෙනුව නිමා කළ මහාචාර්යවරිය ගුවන් තොටුපළෙන් තමන් නවාතැන් ගන්නා හෝටලය වෙත පිටත්ව ගොස් ඇති අතර ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ කාර්යයේ නියැලී සිටි පී.පී.ස්වර්ණලතා මහත්මිය මෙම මුදල් පසුම්බිය දැක, එය අහුලා වහාම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
එම මුදල් පසුම්බිය තුළ ශ්‍රී ලංකා මුදල් රුපියල් 119,390 ක් තිබී ඇති අතර , ඒ තුළ මෙම මහාචාර්යවරිය සිම්පතක් ලබා ගත් විස්තර ඇතුළත් රිසිට් පතක් ද තිබී ඇත.
ඒ ඔස්සේ එම මහාචාර්යවරිය ඇමතූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , ඇයට ගුවන් තොටුපළ වෙත පැමිණ තම මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම් දුන්නාය .
මුදල් පසුම්බිය බාර ගත් ජපන් මහාචාර්යවරිය , මෙම පසුම්බිය අහුලා භාර දුන් ගුවන් තොටුපළ සේවිකා පී.පී.ස්වර්ණලතා මහත්මියට සහ ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරින්ට ත්‍යාග පිරිනමමින් ඇගැයීමකට ලක් කරමින් සිය කෘතවේදීත්වය පළ කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වර්ණලතා ක්‍රියාවෙන්ම නමේ වටිනාකම රටටම පෙන්වීම කොතරම් ආඩම්බරයක්ද..?
වැඩේ ඉහළයි. ඒත් ජපානේ නම් කොළඹ ඉඳන් ආපහු ගුවන් තොටුපළට එන්න කියන්නේ නැහැ. ඉන්න තැනටම ගිහින් දෙනවා. කොහොම වුණත් වැඩේ හොඳයි.
කෙනෙකු උසස් හෝ පහත් වන්නේ රැකියාවෙන් නොව ක්‍රියාවෙනි. ඔබ හදවතින්ම පොහොසත් යුවතියක්. අපේ උණුසුම් ආචාරය..!.
එම සත්කාර්යය කළ මහත්මිය ඇතුළු සියලුදෙනාට මෙම භවයේදීත් නිවන් දක්නා ජාති දක්වාත් දුකක් කරදරයක් නොවනවා ඇත...!
එතුමිය කළේ නියම ලාංකිකත්වය පෙන්වීමක්... එවන් මැතිණියන් අපේ රටට ආඩම්බරයක්... ඔබ සැමට ලාංකිකයින් වෙනුවෙන් දොහොත් මුදුන් තබා ආචාර කරමි...