IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


22 සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතිය අගදී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ සතිය අවසානයේදී ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (1)  පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ  මතය ලැබුණු පසු එම පනත් කෙටුම්පත රටට ගැලපෙන විදියට  සම්මත කර ගැනීමට හැකි වෙතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.

ඔහු මෙලෙස  විශ්වාසය පළ කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

අද රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික  අංශයේද දූෂණ සිදුවන බව පැවසූ අමාත්‍යවරයා දූෂණ වංචා වැළැක්වීම ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන්  පනත් පහළොවක් පමණ පසුගිය කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවද  ප්‍රකාශ කළේය.

දූෂණ විරෝධී පනත සම්මත කර ගත් පසු අල්ලස් පනත මෙන්ම වත්කම් බැරකම් නීතියද වෙනස් කළ හැකි වනු ඇතැයි ඔහු පැවසුවේය.

"මුදල් කළමනාකරණයේදී  අපේ රටට වැරදුණා " යැයිද  විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

විධායකය තනි තීන්දු ගැනීමද  රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට බලපෑ පැවසූ අමාත්‍යවරයා හම්බන්තොට වරාය විකිණීමද ඊට ලොකු උත්තේජනයක් සැපයූ බව
ප්‍රකාශ කළේය.

රජය දැන්  අලුත් ගමනක් ආරම්භ කර ඇතැයිද  ඔහු පැවසූවේය.



අදහස් (0)

22 සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතිය අගදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site