(ඩයනා උදයංගනී)
රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන ‘උත්තර සභාගයක්’ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ලබන 4 වැනිදා ගොඩනගන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
තම කණ්ඩායමේ දේශපාලන අවංකභාවය, දේශපාලන ඒකාග්‍රතාවය වඩා තීව්‍ර හා ජවසම්පන්න කොට, රටේ ජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා මහා පවුරක් ගොඩනැගීම මෙහි අරමුණ බව ද වීරවංශ මහතා සඳහන් කළේය.
මෙය රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කීවේය.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකදීය.
ස්වාධීන පක්ෂ එකමුතුව මෙසේ ගොඩනඟනු ලබන උත්තර සභාගයට තවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.
මෙම සභාගය හා එක්වෙමින් රටේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක ඇරඹුමට දායක වෙන්නැයි සියලු දෙනාට විවෘත ආරාධනයක් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කිරීමටනම් කලයුතුවනුයේ ඔබලා විසින් කල වැරදි පිළිගනිමින් දේශපාලනයෙන් ඉවත්වීම නොවේද?
හොර උපන්දින, හොර පාස්පෝට් නඩු වලටත් ඔය උත්තර තියෙනවද?
අනේද කියන්නේ..?
මන්ත්‍රිතුමනි, ඔබලා ගොඩනැගූ ජාතිවාදයෙන් රට ගොඩනගන්න බැරිතරමට අද ප්‍රපාතයට වැටී හමාරයි. ඔබතුමන්ලාට තවත් රැවටෙන ඡන්ද දායකයන් තවත් සිටීනම් එය රටේ අභාග්‍යයම තමයි.
පිටිපස්ස කහගන්න නියපොත්ත නැති වුණත් කතාව නම් ගාම්භීරයි...
තවත් දවසක එක සිහිනයක්..!