IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට බංකොලොත් කළේ පාර්ලිමේන්තුව නොදැනුවත්වයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකොලොත් කිරීම ගැන  නිසි පරීක්ෂණයක් ඉල්ලීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම යුතුකම බවත්  රට බංකොලොත් කර ඇත්තේ   පාර්ලිමේන්තුව නොදැනුවත්ව බව  පරීක්ෂණයක් කර රටට කිව යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට බංකොලොත් කළේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොව පාර්ලිමේන්තුව  නොදැනුවත්ව වෙන කණ්ඩායමක් විසින් වන නමුත් වරද පාර්ලිමේන්තුව පිට පටවා තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා කීය.

රට බංකොලොත් කිරීමේ බලය මුදල් අමාත්‍යංශයට හෝ මහ බැංකුවට නැතැයි ද  බලයක් නොමැති දෙයක් කළ විට සියලුම දෙනා නිහඬව සිටින අතර දඬුවම් විඳින්නේ පාර්ලිමේන්තුවේ  නියෝජිතයන් බවද අබෙිවර්ධන මහතා පැවසීය .

විදේශ ණය ගෙවන්නේ නැතැයි හිතුමතේ තීරණ ගන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නැතැයි කී අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවට තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කළ විට 225 දෙනාම ලැජ්ජාවට පත්විය යුතු බවද සඳහන් කළේය.

රටේ තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළා නම් පාර්ලිමේන්තුව රැස්වී රට බංකොලොත් නොකර කටයුතු කරන්නට ක්‍රියාවලියක් හදනු ඇති බවද එසේනම් අද කරන වැඩේ එදා කරන්න තිබූ බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර වෙන අයට බාරදී තිබෙන නමුත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වී ඇත්තේ පාර්ලිමේන්තුවට බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

බලයක් නැති ක්‍රියාවලියක් ලංකාවේ සිදුවී තිබෙන අතර ඒ ගැන ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකු ලෙස සිටියදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබෙන්නේ යැයිද සාර්ථක ව්‍යාපාරිකයන් අසාර්ථක ව්‍යාපාරිකයන් කළේ පාර්ලිමේන්තුව නොවේ යැයි වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට බංකොලොත් කිරීමට  පාර්ලිමේන්තුවේ 225 වගකීම අවශ්‍ය නැති අතර මෙි ක්‍රියාවලියට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී නැත්නම් රට බංකොලොත් බවට ප්‍රකාශ කළ අය කර තිබෙන්නේ නීති විරෝධී වැඩක් බවද වජිර අබෙිවර්ධන මහතා කීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.



අදහස් (11)

රට බංකොලොත් කළේ පාර්ලිමේන්තුව නොදැනුවත්වයි

sena Thursday, 01 September 2022 01:09 PM

තවත් විහිලුවක් - මෙරටෙ ඉන්නෙ හරක් නෙවෙයි කියන එක මෙ මනුස්සයාට තෙරෙන්නෙ නත්තෙ මොකද = රට විනාස වෙනකල් හොයන්නෙ නතුව පාර්ලිමෙන්තුව බුදියගෙනද හිටියෙ.

:       0       0

සැපද..? Thursday, 01 September 2022 01:16 PM

එතකොට පාර්ලිමේන්තුව දැනුවත්ව 225 වින්ඳ සැප නිසා රට බංකොලොත් උනේ නැද්ද..?

:       1       25

ravin Thursday, 01 September 2022 01:18 PM

ආනයන සිමා ලිහිල් කරපුගමන් සුප්පු 225ක් ගෙනත් දෙන්නයි හිතාගෙන ඉන්නෙ චුටි බබාලා ටිකට. අහින්සක හා පැටවුනේද?

:       1       28

Viraj Perera Thursday, 01 September 2022 01:35 PM

ඇත්තද? අනේ අපි තමයි රට බංකොලොත් කලේ.

:       0       0

fairoos Thursday, 01 September 2022 01:43 PM

රාජපක්ෂලට කඩෙ යන්ඩ ද ඔයා පර්ලිමෙන්ට් ආවෙ? එහෙනම් මොකටද මුදල් ඇමති (බැසිල්) අගමැති (මහින්ද) ජනාදිපති (ඝොටා) ඉල්ලා අස්වුනෙ

:       0       0

සඳුන් Thursday, 01 September 2022 01:46 PM

දියවන්නාවේ තොත්ත බබාලා. ජාතික මුදල් බලය තනි පුද්ගලයෙකු පාව්චිච් කරනකම් බකං නිලාගෙනද හිටියෙ ? බැඳුම්කර වංචාව සීනි බදු වංචාව අසාර්ථක මහා පරිමාණ ඉදිකිරීම් වැරැදි කෘෂිකර්ම ප්‍රතිපත්ති වගේ ජාතික වශයෙන් වැරැදි තීරණ වලට උඩගෙඩි දුන්නේ ඕක ඇතුළෙන්ම නේද?

:       2       25

Hafeel Thursday, 01 September 2022 01:57 PM

කතානායකයාට පුළුවන් නම්, මෙයාව මානසික වෛද්‍යවරයකුට යොමු කරන්න. රට බංකොලොත් වේවි කියල මීට අවුරුදු දෙහකට කලින් හර්ෂ සිල්වා, එරාන්, චම්පික සහ ජ වි පෙ මන්ත්‍රීතුමන්ලා ආණ්ඩුවට කියල දුන්නා, අවවාද කළා. නමුත් ආණ්ඩුව හෝ ජනාධිපති හෝ ගණන් ගත්ත නැහැ. ගෞටාබය පවා කිව්වා වැරදි තීන්දු තීරණ ගත්ත නිසා තමයි රට බංකොලොත් වුනේ කියල. දැන් මෙයා පිස්සු කතා කියන්නේ. තවත් එකක් එදා මේ වජිරලා බලයේ ඉන්න කොට හොරුන්ව ආරක්ෂා කලේ නැත් නම්, අද රට බංකොලොත් වෙන්නත් නැහැ. වජිරලා පරදින්නත් නැහැ.

:       0       12

Nihal Thursday, 01 September 2022 02:56 PM

ජනතාව දන්නවා කවුද හොරු කියලා... ඒ හින්දා 225 බේරගන්න සටන නවත්වන්න..

:       0       0

Perera Thursday, 01 September 2022 03:05 PM

තොත්ත බබ්බු. මුකුත්ම දන්නේ නැහැ වැඩවරදිනකන්..

:       0       0

කරුණාසේන Thursday, 01 September 2022 03:47 PM

රටට කරපු විනාශය මදිවට එකඑකා පිට පටවමින් සුදනලා වෙන්න හදන්න එපා.උඹලට වඩා මොළේ තියෙනවුන් එළියෙ ඉන්නව.

:       0       9

Sharn Thursday, 01 September 2022 06:52 PM

පව්, බලන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න බබාලාටවත් කියලා නෑනේ රට බංකොලොත් කරනවා කියලා, එයාලා බබාලන්තේ ඉන්නකොටද කොහේදෝ මේ වැඩේ කරලා තියෙන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site