IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩොලර් සංචිත ගැන කල් තියා දැනුම් නොදී මුදල් මණ්ඩලය කළේ බරපතළ වරදක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන විස්සට වැටී තිබුණු අවස්ථාවේදී එය මැතිසබයට කල් තියා දැනුම් නොදීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කළේ සමාව ලබා දිය නොහැකි බරපතළ වරදක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී  අද (1) පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දේශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවට පෙරේදා පැමිණ සිටි අවස්ථාවේදී  රටේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන විස්සට වැටී තිබියදී ඒ තත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන්නේ ඇයි දැයි  තමා ප්‍රශ්න කළ බවත්  තමාගේ ඒ ප්‍රශ්නයට ඔහුට කේන්ති ගිය බවත්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.

ලක්මන් කිරිඇල්ල මහතා එහිදී මෙසේද සඳහන්  කළේය.

රටේ ඩොලර් තත්වය ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න මහා බැංකුවට යුතුකමක් තිබුණත්  මහ බැංකුව ඒ යුතුකම ඉටු  කළේ නෑ. ඩොලර් මිලියන 7800ක්  සමග බාර දුන්න රට ඩොලර්  මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්.   නමුත් මහා බැංකුව  පාර්ලිමේන්තුවට කිසිම දැනුම් දීමක් කළේ නෑ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් පවත්වන්න. එතුමා කිව්වා ,එතුමා වැඩ බාරගන්න වේලාවේ මහා බැංකුවේ තිබ්බේ ඩොලර් මිලියන 20යි කියලා. මිලියන 20ක් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම .මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්වය දැනුම් දුන්නද කියලා? මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි රට බාර දෙනකොට ඩොලර් මිලියන 7800 සමග බාර දුන්නේ. මේ මුදල මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. මම මේ ගැන මහා බැංකු අධිපතිවරයාගෙන් ඇහුවා. මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමාට නුරුස්සන ගතියක් ඇතිවුණා .

අපිට මේ මුදල් ගැන දැනගන්න අයිතියක් නැද්ද?අයිතියක් තියනවා ,මම ඒකයි  ඇහුවේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  හිතුවේ මම දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා.අධිපතිතුමා හරියට උත්තරයක් දුන්නෙත් නැ.

ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රට බංකොලොත් කියලා කිව්වේ නැ.මහා බැංකුව කිව්වෙත් නැ.රනිල් වික්‍රමසිංහ අගමැති වුණට පස්සේ තමයි ටිවී එකේ කිව්වේ රට බංකොලොත් කියලා.එතකොටයි අපිත් දැන ගත්තේ.මහා බැංකුව වගකීමකින් තොරවයි වැඩ කරලා තියෙන්නේ.

යුද්ධය පැවති කාලෙත් විදේශීය ශ්‍රමිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 500ක් 600ක් පමණ ආවා.අද 1.5ට බැහැලා.ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා , නමුත් අපේ විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගන්න බැ .ඒ ඇයි? විශ්වාසයක් නැ.මම ආණ්ඩුවට කියනවා මේ මුදල් ගෙන්වා ගන්න කටයුතු කරන්න, එහෙම කරගන්න පුළුවන් වුණොත් අපේ මාසේ වියදම හරි හොයා ගන්න පුළුවන්.නමුත් ඒ මුදල් වත් ලබා ගන්න බැරිවෙලා.



අදහස් (3)

ඩොලර් සංචිත ගැන කල් තියා දැනුම් නොදී මුදල් මණ්ඩලය කළේ බරපතළ වරදක්

City Thursday, 01 September 2022 02:28 PM

This fellow is getting crazy.

:       2       3

Amara Thursday, 01 September 2022 02:35 PM

කබ්රාල්ගෙන් අහන්න බැරිද? අනික ගාන කිව්වට පස්සෙ අහන්නෙ ඇයි ඒ ගැන අවදියෙන් හිටියෙ නැත්තෙ? නිකන් කොනක් අල්ලන් නින්දෙන් නැගිටල කෑ ගහනවා විතරයි මේ මන්ත්‍රීල අය්යෝ අපේ සල්ලි.

:       2       6

sugath Thursday, 01 September 2022 05:17 PM

ඔය රට බාර දෙනකොට තිබුනයි කියන ඩොලර් මිලියන 7800 න් කොච්චරක් ණයට ගත්ත මුදල්ද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site