(පාලිත ආරියවංශ)
තාත්තාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදී ගැනීමට ඒ සදහා රුපියල් 100 ක් අතැතිව වෙළඳසැලකට ගිය 7 හැවිරිදි ළමයකුට කැතතකින් පහරදී කපා කොටා බරපතල තුවාල සිදු කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි.
තුවාල ලැබූ දරුවා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී .
මෙම සිද්ධියෙන් පසු කැලෑවැදුන සැකකරු සොයා පොලිසිය සහ ප්‍රදේශවාසින් කළුගහකඳුර කැලෑව පීරද්දි සැකකරු කැත්ත අමෝරා බැන වදිමින් ඔවුන්ට ගල් ප්‍රාහාර එල්ල කරමින් දිවයන අතරතුර ගලකින් ඇද වැටී තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි..
සැකකරු එල්ලකළ ගල් ප්‍රහාරයකට ලක්වූ ගම්වැසියකු ද තුවාල ලබා තිබේ .
ගලකින් වැටී තුවාල ලැබූ සැකකරු පොලිස් අත්අඩංගුව යටතේ මීගහකිවුල රෝහලට ඇතුලත් කළ බවද පොලිසිය පැවසීය .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හත් හැවිරිදි දරුවාට කැති පහර දුන් නරුම සියා
Lakmal Thursday, 01 September 2022 10:50 PM
කුඩා ළමුන්ව තනිවම වෙළඳසල් වලට යවන්න එපා. පව් අසරණ දරුවන්... කරුණාකර ආරක්ෂා කරගන්න දරුවන්ව...
දසුන් Friday, 02 September 2022 12:39 PM
අපරාදේ ආයුද නොපෙන්වා ගලෙන් වැටෙන්න දුන්නු එක