(පාලිත ආරියවංශ)

තාත්තාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදී ගැනීමට ඒ සදහා රුපියල් 100 ක් අතැතිව වෙළඳසැලකට ගිය 7 හැවිරිදි ළමයකුට කැතතකින් පහරදී කපා කොටා බරපතල තුවාල සිදු කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි. 

තුවාල ලැබූ දරුවා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී .

මෙම සිද්ධියෙන් පසු කැලෑවැදුන සැකකරු සොයා පොලිසිය සහ ප්‍රදේශවාසින් කළුගහකඳුර කැලෑව පීරද්දි සැකකරු කැත්ත අමෝරා බැන වදිමින් ඔවුන්ට ගල් ප්‍රාහාර එල්ල කරමින් දිවයන අතරතුර ගලකින් ඇද වැටී තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි..

සැකකරු එල්ලකළ ගල් ප්‍රහාරයකට ලක්වූ ගම්වැසියකු ද තුවාල ලබා තිබේ .

ගලකින් වැටී තුවාල ලැබූ සැකකරු පොලිස් අත්අඩංගුව යටතේ මීගහකිවුල රෝහලට ඇතුලත් කළ බවද පොලිසිය පැවසීය .