(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න)
සුඛෝපභෝගී ජීප් රථයක් මාදිවෙල ඉන්ධනහලට කඩා වැදීමෙන් පොම්පකරු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ලබාගැනීමට ආ ත්‍රී රෝද රථයකට සහ යතුරු පැදි දෙකකට, ඉන්ධනහලේ පොම්පයකට හානි සිදු වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
තුවාල ලද පොම්පකරු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
තලවතුගොඩ මාර්ගයෙන් මාදිවෙල ඉන්ධන පිරවුම්හල වෙත පැමිණීමේදී ඔහුට වාහනයේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගී ඉන්ධන හල වෙත එකවරම කඩා වැදී ඉන්ධන පොම්පයේ ගැටී ඒ අසල සිටි පොම්පකරුත් යටකරගෙන තීරෝද රථයක සහ යතුරුපැදි දෙක ගැටි අනතුරුව ඉන්ධනහලේ කාර්යාලය වෙත කඩා වැදී නතර වී තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් සුඛෝපභෝගී ජීප් රථයට ත්‍රීරෝද රථයට යතුරුපැදි දෙකට ඉන්ධනහලට සහ පොම්පයට බරපතල අලාභ සිදු වී ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(ශාන්ත කුලරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණ බලලා ඩ්‍රයිවින් ලයිසන් එක ලබා ගත්තු කෙනෙක්ද? නැතිනම් 'වට්ස්-ඇප්' චැට් දාගෙන ඒ වෙලාවේ ඩ්‍රයිව් කරපු කෙනෙක් වගේ..!
එයා රියදුරු බලපත්‍රය ගන්න ඇත්තේ රියදුරු ලිඛිත පරීක්ෂණය සඳහා පිළිතුරු කමිස වාටියේ ලියාගෙන ඒවා පිළිතුරු පත්‍රයේ කොපි කිරීමෙන් කියලා හිතෙනවා...