IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කිලෝ 198ක කුඩු නඩුව විභාගයට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක්

(මනෝ ප්‍රිය ගුණසේකර)

කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Tial At Bar) පත් කරන ලදී.

කුඩු කිලෝ 198 ලංකාවට රැගෙන එන අතර තුර මහ මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන් පස්දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මෙලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම් කරුවන්ට එරෙහි මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරුවරයා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.

ආදිත්‍ය පටබැඳි මහතා සභාපති සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් මංජුල මංජුල තිලකරත්න මහතා සහ මහේන් වීරමන් මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඒ සඳහා හෙරොයින් කිලෝ 198 ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම හෙරොයින් තොගය ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කොට ඇත.

 



අදහස් (0)

කිලෝ 198ක කුඩු නඩුව විභාගයට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site