(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යම කඳුකරය හා ඊට තදාසන්නව පිහිටි ඉහළ බැවුම් සහිත ප්‍ර්‍රදේශවල අනාදිමත් කාලයක සිට සිදුවන අනවසර ඉඩම් අල්ලා ගැනීම් හා අක්‍රමවත් ඉඩම් පරිහරණ රටාව නායයෑම් සඳහා බෙහෙවින් ඉවහල් වේ. පාංශු ආරක්ෂණ පනත වන සංරක්ෂණ පනත හා ඉඩම් සන්තකය ආපහු ලබාගැනීමේ පනත වැනි නිතී තිබුණද ඒවා ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩු හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත නායයෑම් හා පස්කඳු කඩාවැටීම සිදුවන බව අප කවුරුත් පිළිගත යුතුයි. නවීන තාක්ෂණ ක්‍රමවේදයන් හඳුනාගනිමින් නිතර නායයෑම සිදුවන ප්‍ර්‍රදේශවල වන ආවරණය වැඩි කිරීම... කෘෂි තෘණ වගා ස්ථාපිත කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් මෙම තත්වය වළක්වා ගැනීමට රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතන එකමුතු වී ග්‍රාමීය ප්‍ර්‍රජාවගේ දායකත්වයද ලබාගෙන කටයුතු කිරීම ඉතා කාලෝචිතයි...