(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, තාරක බාලසූරිය යන මහත්වරුන්ගේ නිවෙස් කාර්යාල සහ දේපළවලට ඉකුත් මැයි මස 09දින පහර දී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකාරිය රෝහිත අබේගුණවර්ධන මහතාගේ රත්මලානේ නිවසට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අරුන්දික ප්‍රනාන්දු මහතාගේ දංකොටුවේ නිවසට හා කාර්යාලයට, විදුර වික්‍රමනායක මහතාගේ හොරණ නිවසට, තාරක බාලසූරිය මහතාගේ කෑගල්ලේ නිවසට. පහර දී අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන්සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සහ සැකකරුවන් අද(31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd