(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොලපැලැස්සේ තම ගෙවත්තේ  කාබනික පොහොර යොදා සිදු කළ එළවළු  වගා අස්වැන්න නෙලා ගත්තේය.

වම්බටු, පතෝල, රාබු, ගෝවා, නෝකෝල්, මෑ කරල්, මිරිස්, මාළු මිරිස්, තක්කාලි, නිවිති, කරවිල ආදී උඩරට, පහතරට සහ වියළි කලාපයේ වැවෙන සියලු එළවළු  අමාත්‍යවරයා විසින් වගා කර තිබේ.

“අපිට අවශ්‍ය සහල් මම මගේ කුඹුරෙන්ම ලබාගන්නවා. එළවළුත් මම වගා කරලා තියෙනවා. හැම කෙනෙක්ටම තමන්ට තියෙන සුළු ඉඩක වුණත් යම්කිසි බෝගයක් හෝ දෙකක් වගා කළ හැකියි. 

වස විසෙන් තොර කාබනික වගාව මම හැමදාම අනුමත කරනවා. එමඟින් අපිට වාසි රැසක් ලබාගත හැකියි. කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ කටයුතු කරන හැම නිලධාරියෙක්ම තම ගෙවත්තේ කුමන බෝගයක් හෝ වගා  කළ යුතුයි. අනිත් අයට ආදර්ශයක් වීමට අපි හැමෝම කටයුතු කළ යුතුයි ” යැයි ඇමතිවරයා එහිදී සඳහන් කළේය.