IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෘෂි ඇමති එළවළු කඩයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොලපැලැස්සේ තම ගෙවත්තේ  කාබනික පොහොර යොදා සිදු කළ එළවළු  වගා අස්වැන්න නෙලා ගත්තේය.

වම්බටු, පතෝල, රාබු, ගෝවා, නෝකෝල්, මෑ කරල්, මිරිස්, මාළු මිරිස්, තක්කාලි, නිවිති, කරවිල ආදී උඩරට, පහතරට සහ වියළි කලාපයේ වැවෙන සියලු එළවළු  අමාත්‍යවරයා විසින් වගා කර තිබේ.

“අපිට අවශ්‍ය සහල් මම මගේ කුඹුරෙන්ම ලබාගන්නවා. එළවළුත් මම වගා කරලා තියෙනවා. හැම කෙනෙක්ටම තමන්ට තියෙන සුළු ඉඩක වුණත් යම්කිසි බෝගයක් හෝ දෙකක් වගා කළ හැකියි. 

වස විසෙන් තොර කාබනික වගාව මම හැමදාම අනුමත කරනවා. එමඟින් අපිට වාසි රැසක් ලබාගත හැකියි. කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ කටයුතු කරන හැම නිලධාරියෙක්ම තම ගෙවත්තේ කුමන බෝගයක් හෝ වගා  කළ යුතුයි. අනිත් අයට ආදර්ශයක් වීමට අපි හැමෝම කටයුතු කළ යුතුයි ” යැයි ඇමතිවරයා එහිදී සඳහන් කළේය.



අදහස් (8)

කෘෂි ඇමති එළවළු කඩයි

ලමය Wednesday, 31 August 2022 11:36 AM

මෙයා මොනවා කරත් අපට මොකද? මේ කවුද?

:       4       8

nimalWednesday, 31 August 2022 05:31 PM

මහින්ද අමරවීරගේ පතෝල වැලෙහි වෙනත් පතෝල කරල් නොමැත. මෙම පතෝල කරලද වෙළෙඳපලින් ගෙන්වාගෙන ඡායාරූපයකට පෙනී සිටි බව පැහැදිලි වේ.

:       0       2

GOVIRALA Wednesday, 31 August 2022 11:50 AM

අඩුපාඩු අවම මහපොළවේ ජීවත් වන චරිතයක් බව පෙනේ...

:       3       11

චන්දන Wednesday, 31 August 2022 11:56 AM

අපිත් එළවළු වවනවා. අස්වනු නෙලනවා...

:       0       7

fairoos Wednesday, 31 August 2022 12:28 PM

ඔබතුමාට වගේ අපිට ඉඩම් නැහැ.. ඉඩම් තිබුණොත් පොහොර නැහැ. වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ...?

:       6       11

jayasekara Wednesday, 31 August 2022 02:25 PM

වවන්නේ කවුරුවත් වෙන්නැති. නමුත් කඩන්නේ වෙන කෙනෙක්...!

:       1       9

amara Wednesday, 31 August 2022 03:09 PM

අම්මෝ නේද අමරේ..?

:       1       2

G.D.Dayaratne Wednesday, 31 August 2022 03:47 PM

ඇමතිතුමෝ, බොළඳ වැඩ කරන්න එපා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site