(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ අනුව පොදු ජන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් විපක්ෂයේ අසුන් ගත්හ.

 මහාචාර්ය ජී.එල් .පීරිස්,ඩලස් අලහප්පෙරුම නීතිඥ ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා,මහාචාර්ය චරිත හේරත්,මහාචාර්ය චන්න ජයසුමන,කේ.පී .එස් කුමාරසිරි,ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර, තිලක් රාජපක්ෂ ,ලලිත් එල්ලාවල,උපුල් ගලප්පත්ති මෙලෙස විපක්ෂයේ අසුන් ගත්හ.


ඩලස්ලා විපක්ෂයට?

(අජන්ත කුමාර අගලකඩ)

පොදුජන පෙරමුණෙන් ඉවත් ව ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස ⁣විපක්ෂයේ අසුන් ගැැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනකු පමණ පිරිසක් විපක්ෂයෙන් අසුන් ගනු ඇතැයි වාර්තා වේ