IMG-LOGO

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ’’කාක් කූඩුවෙි කොහා පැටවෙක්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කළේ ඊයේ පමණක් නොව හැමදාම ඉදිරිපත් කළ බවත්  පෞද්ගලික අංශයට මුල්තැන දීම, ලෝකය සමඟ එකතු එකතුවීම, තරගකාරීත්වය ගැන පැවසූ නමුත් ඔහුට ඒ දේවල්  කරන්න රාජපක්ෂවාදී ලිංමැඩි ආර්ථිකය එදා සිට ඉඩ දුන්නේ නැතැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එදා සිංගප්පූරු වෙළඳ වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්න උත්සාහ කරද්දී එය කරන්න ඉඩ නොදුන් බව කී හර්ෂ ද සිල්වා මහතා  මෙවරත්  ඒ දිශානතිය වෙනස් කිරීමට පොහොට්ටු කට්ටිය ඉඩ දේවිදැයි ප්‍රශ්න කළේය.



අදහස් (7)

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ’’කාක් කූඩුවෙි කොහා පැටවෙක්’’

nishantha Wednesday, 31 August 2022 11:41 AM

මේ ආචාරියාගේ කාලේ ආර්ථිකය එහෙම සෑහෙන දියුණු වෙන්නට ඇති මගේ හිතේ..!!!

:       26       20

RaminduWednesday, 31 August 2022 12:46 PM

මේක ඩවුන්ලෝඩ් කරන අය හිතන් ඉන්නේ මෙයා නියමෙට ආර්ථිකේ ගොඩදැම්මා කියලා.

:       8       10

fairoosWednesday, 31 August 2022 12:53 PM

වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?

:       9       9

NishanthaWednesday, 31 August 2022 05:44 PM

මේ ආචාරියාට ආයෙත් ඡන්දෙ දෙන වහල්ලුත් ඉන්නවනේ...!

:       0       0

SUNIL MILANO Wednesday, 31 August 2022 12:43 PM

අම්මෝ... මේ ආර්ථික ඔස්තාර්ගේ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණු දියුණුව... ලංකාව සුරපුරයක් වගේ තිබුණේ.. අනේද කියන්නේ..?

:       13       15

randilWednesday, 31 August 2022 01:47 PM

මිනිස්සුන්ට තුන්වේල කාලා ඉන්නවත් තිබ්බා නේද? එතකොට දැන් එක වේලම තුනට බෙදාගෙන කනවා. දරුවෙකුට බිත්තරයක් දෙන්න පුළුවන්ද? සුරපුරයක් ඕනෙ නෑ. කන්නවත් තියෙනවද කියන්නකෝ? තවත් වර්ණනාව..!

:       10       8

සේනකWednesday, 31 August 2022 02:00 PM

දේශපාලන ඉතිහාසය මතක නැහැ සමහරුන්ට... හර්ෂ කියන්නේ රනිල් කරන්න හදපු හැම වෙලාවේම ඔය බොරු වාමාංශික ජාතිවාදී සහ ශ්‍රීලනිප කට්ටිය ඒවා කරන්න දුන්නෙ නෑ කියන එක. 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ ගැන බොරු බිල්ලන් මවලා අවුරුදු දෙකෙන් ආණ්ඩුව පෙරළුවා. 2015 සිංගප්පූරු වෙළඳ ගිවිසුම, එම්සීසී ගිවිසුම කරන්න දුන්නේ නෑ. පංචායුධලා මැරෙන්න හැදුවා. රනිල් සුවසැරිය ගිලන්රථ ටික ලංකාවට ගෙනාවේත් කුහකයින්ගේ විවේචන මැද්දේ? ඔය ජනසතු ව්‍යාපාර වාමාංශික ප්‍රතිපත්තිවලින් ආර්ථිකය හදන්න බෑ කියලා දැනවත් තේරුම් ගන්න. මූලික අර්ථක්‍රම ගැන අවබෝධයක් නැතුව පක්ෂ දේශපාලනය, ගෝලීය දේශපාලනය තේරුම් ගන්න බෑ...!

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site