
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.
අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා"යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, ජනාධිපති උතුමා කතාකරනවා විතරයි. රට එක අඟලක්වත් ඉස්සරහට ගෙනාවේ නැහැ.
ඒ මොකටද? ඔවුන් ඉන්නකන් හොරාකාපුවා මදිවටද? කාටවත් නිකන් කන්න දෙන්න බෑ කිව්වා නේද?
කවුද ඇහුවේ...?
එතකොට එයාට මේ විදිහට යන්න එන්න කොහෙන්ද මෙතරම් මුදල් සම්බාරයක්...?
අනේ ඔබතුමාගේ කතා.. නන්දසේන සිංගප්පූරු යන ටිකට් එකට විතරක් ලක්ෂ 60ක් ගෙවලා තියෙනවද? අනිත් එක වීසා ලබාගන්න ආණ්ඩුව සෘජුව මැදිහත් වෙලා තියෙනවද? ඕවා කාගෙ සල්ලිද?
මොකද මේ යූඇන්පී කාරයා පොහොට්ටු කාරයෙකුගේ කුණු හෝදන්නේ, ජනාධිපතිකම එයාට අරන් දීලා පලච්චි නිසාද? අනේ මෙහෙම අවස්තාවාදීන්.
ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැති එක ඇත්ත... ඒත් දැන් වෙන්කරලා තියෙනවා කියන එකනේ කියන්නේ... මොනවද මේ කියවන්නේ?
මිලියන 400 දුන්නා නම් ඒක හරියට තියෙන බඩුටික හොරකම් කරගෙන පැනලා ගිය හොරාට බස් එකේ යන්න කීයක් හරි සාක්කුවේ දැම්මා වගේ වැඩක්...
රාජපක්ෂලාව බේරගන්න ඉස්සර තිරය පසුපස සිට උදව් කළ රනිල්, දැන් සියලු වැඩ පසෙකලා තකහනියේම පාර්ලිමේන්තු ඇවිත් එළිපිට රාජපක්ෂලාව ආරක්ෂා කරනවා. යහපාලන ආණ්ඩුව වැටුණේ මොකද කියලා දැන් සියලු දෙනාටම පැහැදිලියි නේද?
ගෝඨාභයට පින් සිද්ද වෙන්න පින් ජනපති වුණා. දැන් ගෝඨාව රැකගන්න හදනවා...