කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක පාඩුවක්
මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත් එකම කිරි ගවයකු හෝ ආනයනය කර බාරදී නැතැයි කියන සිද්ධියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.