ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක වාස වීසා
ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට වසර 10ක කාලසීමාවක් දක්වා වාස (රෙසිඩන්ස්) වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.