බෝට්ටුවකින් මාතර බන්ධනාගාරයට පාර්සලයක් විසිකරයි
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවකින් පැමිණ මාතර බන්ධනාගරයේ තාප්පයට ඉහලින් විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකතනයක්, ජංගම දුරකතන ආරෝපනයක්, ඩේටා කේබලයක් සහ දුම්කොල අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන සහ පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.