(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නව හැවිරිදි තම දියණිය කෲර ලෙස වධ හිංසා කළ බව කියන දෙදරු මවක  අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

මවගේ වධහිංසාවට භාජනය වූ දියණිය අත් පා වල දැඩි පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සංජීව මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පියවරගෙන ඇත.