(තිස්ස කොටින්කඩුව)
කදාන නගරයේ අවන්හලකදි රුපියල් 20ක් නිසා ඇතිවුන කතාවක් දුර දිග යාමෙන් පහරකෑමට ලක් වු 65 හැවිරිදි පුද්ගලයකු රාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇතැයි කදාන පොලිසිය පවසයි.
පහර කෑමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇල ලේක්සිටිහි පදිංචි 64 හැවිරිදි සුගතපාල සිල්වා නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පදිංචි 34 හැවිරිදි තරුණයකු මේ වන විට සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මිය ගොස් ඇති අයගේ ගේ දියනිය කදාන ප්‍රදේශයේ බර්ගර් කෑම අලෙවි කරණ කුඩා අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති අතර සිද්ධිය වු අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි තරුණ ජෝඩුවක් එම අවන් හලෙන් බර්ගර් කෑම එකක් ම්ළදි ගෙන ඇත.
එහි මිළ 520 වි ඇති අතර මිළදි ත් ගත් තරුණයා එම මුදල දුන් බව පවසා සිට ඇති අතර අවන්හලේ හිමිකාරිය පවසා ඇත්තේ එම පුද්ගලයා ලබා දුන්නේ රුපියල් 500 පමණක් බවය.
මෙහිදි ඇතිවුන සුලු බහින් බස් විමට අවන්හලේ පැත්තක අසුන්ගෙන සිටි අවන්හලේ හිමිකාරයගේ පියාද මැදිවි අතර එහිදි ඔහුට හෙල්මට් පහර වැදි ඇති බව සිදු කළ විමර්ශන කටයුතුවලදි හෙලිවු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම තැනකදී බඩු අරගෙන සල්ලි දෙනවිට හදිසියේ දෙන්න එපා. දීලත් ගාන හරිද අහන්න පුරුදු වෙන්න. කඩ කාරයෝත් එකපාරටම අරන් සල්ලි දාගන්නවා. ඊට පස්සේ අහනවා සල්ලි දුන්නද කියලා. එහෙම නොවෙන්න බඩු මිලදී ගන්න. ඔහොම තැන්වලට යන්නේ මොකටද? පව් අහිංසකයා කෑමත් නෑ.