(සුමිත් පොතුපිටිය)
සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය ප්‍රවෘත්තියක් කළුතර පොලිසියෙන් වාර්තා වෙයි.
කළුතර දකුණ , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි එස්. ශාන්ත අප්පුහාමි යන අය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ගුවන් යානයෙන් එමින් සිටියදී අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක ගුවන් යානයේදී හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බව පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය කීය.
එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් නැවත නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කීය.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි කලුතර දකුණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ පොලිස් පරීක්ෂක නුවන්ති ගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානයේදී ගැහැණුන්ට "ලයින්" දමන පිරිමින්ට හොඳ පාඩම...
සෞදි අරාබියේ සිට පැමිණෙන සියලුම කාන්තාවන් මේ වගේ අරාබි පැටියෙක් ලංකාවට රැගෙන ආවා නම් තමයි මේ රටේ පිරිමින්ගේ මොළ පෑදෙන්නේ. අම්මා අප්පාව හරි කමක් නැහැ විකුණගෙන කන පින්බත් ගිලින, බිරිඳවත් විකුණගෙන කන පිරිමි ජාතියක් වෙසෙන රටක අනාගතය කොහොම වෙයිද කියලයි මම මේ කල්පනා කළේ... වෙනත් රටවල කාන්තාවන් මැදපෙරදිග හෝ වෙනත් රටක රැකියාව කළත් ඔවුන්ට ඒ රටවල රජයන් මගින් ලබාදී ඇති සුරක්ෂිත භාවය ලාංකික කාන්තාවන්ට තබා ශ්‍රී ලාංකික කිසිවෙකුට නැහැ. ඔවුන් පිරටවල නන්නත්තාර වූ අන්ත අසරණ ජන කොට්ඨාශයක් පමණයි. ඒ නිසා, මොන ආකාරයකින් හෝ මුදල් උපයාගෙන තමන්ගේ ආරක්ෂාව තමන්ටම සපයා ගැනීමට ඔවුන්ට සිදුව තිබෙනවා. ඒ වුණාට ඉතින් අපි විහාර මහා දේවියගේ පරම්පරාවෙන් පැවත එන හැම කෙනාගේම කතාවලට රැවටෙන යක්කු බොලව්...
මම නම් හිතන්නේ ශුවර් එකටම ඒ ඇවිත් තියෙන්නේ මෝහිනී.
මේක නිකන් තෑග්ගක් නෙවෙයි. ඒ මනුස්සයාට ලැබිලා තියෙන්නේ සෞදි තෑග්ගක්..
තාත්තා බංග්ලාදේශ පොරක් වෙන්න ඇති. ඕවා ඕනෑතරම් මැදපෙරදිග රටවලත් වෙනවා.
කමල්, එහෙම කරන්න අවශ්‍ය නැහැ. මනුස්සකමට අනික් අය උදව් කරනවා. හැබැයි ඒ උදව් ගන්න අය කැත වැඩ කරනවා කියන එක ගොඩක් වෙලාවට ඇත්තක්. අවුරුදු ගානකට කලින් මටත් ඔහොම වැඩක් වුණා. මම සිංගප්පූරුව හරහා කොළඹට එන ගුවන් යානයට නැග්ගම මගෙ ළඟ වාඩි වුණේ මං ආපු රටේම ඉඳලා ඇවිත් තියෙන වයසක ගෑණු කෙනෙක්. මගේ සහෝදරයා මාව එක්ක යන්න එන බව දුරකතනයෙන් කතා කරලා ලෑස්ති කරගන්නවා ඇය අහගෙන හිටියා. ඊට පස්සේ මගෙත් එක්ක කතා කරලා යන්න විදියක් නෑ. ඒ වෙලාවේ රෑ 12 වෙනවා කොළඹදී තනියෙන් යන්න බයයි. පොඩ්ඩක් යන්න පුලුවන්ද එහෙම කියලා. ඉතින් අපි එක්කන් ගියා. අන්තිමට බලනකොට ගෙදර ඉදලා තියනවා ගෙදර අය. මේ කාන්තාව කැමති වෙලා නෑ මුදල් වියදම් කරලා ගෙදර අය ගෙන්වන්න.
ලැබෙන වෙලාවට ගුවනේදී වුණත් ලැබෙනවා...
රට ළමයෙක් වෙන්න ඇති. සමහරවිට තාත්තා ඔහුද දන්නේ නැහැ. කොහොම වුණත් ගුවන් යානයේ පැමිණි කාන්තාවන් සොයන්න අමාරුවක් නැහැනේ...!
අපි පොඩි කාලේ අහලා තියෙන්නේ මොහිනි අත දරුවෙක් දෙනවා කියලා. දැන් කාලේ මොහිනීලා ළමයා ලොකු කරලාම දීලා වගේ. අපට අතරමගදි හමුවන FOOT BOARD කාරයන්ගෙන් පරිස්සම් වෙන්න දැනගත යුතුයි.
අපේ ගැහැණු ඕවට හරිම දක්ෂයි. මැදපෙරදිගට, සිංගප්පූරුවට ගියාම බලාගන්න පුළුවන් අරාබි, පාකිස්තාන්, බංගලි තියාගෙන ඉන්නේ. ලැජ්ජයි. මනුස්සයට බෝතලයක් එව්වම වෙන මුකුත් මතක නෑ. දර්ශනය මතකත් නෑ. මහලොකු ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ජාතිය. තෙරුවන් සරණයි.
රට ගිය ගෑණු බොහොමයක් ලංකාවට ආපු ගමන් ආපහු රට යන්න බලන්නේ මොකද කියලා දැන්වත් තේරෙනවද?
තෙල්වල බලේ.
පොඩි ඇඳුම් බැග් එකක් හරි තියෙන්න ඇති නේද. පාස්පෝර්ට් ආදී සියල්ලත් අරන්ද සිසිල් බීම බෝතලේ ගන්න ගිහින් තියෙන්නේ. විශ්වාස කරන්න අමරුයිනේ.
"දෙන දෙයියෝ අහසෙදි දෙනවා". තමා ඒ දරුවගෙ පියා ලොවට හඳුන්වා දෙන්න බැරි කමට (එවන් දරුවන් මොනා කරන්නද පව්) අහකට නොදමා මේ කල දේ හොඳයි. මේ වගෙ කතා බහුතරය අහන්නෙම මැද පෙරදිග ගිය කතුන් ගෙන් සහ අප රට තුලමයි. (අප රටේ නම් කුනු බක්කි, කානු, කැලෑ වල) මේ කත හොයා ගැනීම නම් මහකාරියක් නොවේ.
බද්‍රානි ඔබ තුමිය විහාරමහා දේවියගේ පරම්පරාවේ එන කෙනෙකු වෙන්න ඇති. හැමෝම එහෙම නෑ. නමුත් හැමෝම කැමති වැදගත් විදියට ජීවත් වෙන්න. කවුරුත් ආසාවෙන් පිටරට යන්නේ නෑ. ආර්ථික ප්‍රශ්න නිසා විකල්පයක් නැති නිසයි යන්නේ. සැලැස්මක් නැති එකයි, හොඳ නායකයෙක් නැති එකයි ප්‍රශ්නේ. මේක සුන්දර රටක්. සුද්දෙක් සිංහල කතා කරන කොට සුද්දෙක්ගෙන් අපේ ගැහැණුන්ට පැටියෙක් හම්බවුණාම ප්‍රශ්නයක් නෑ. ආඩම්බර වන ජාතියක්. ජාතිවාදී ආගම්වාදය නිසා හෙනම ගහලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
මේ හැම දෙයකටම මුල රට හරි විදියට සංවර්ධනය නොවීමත් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන රටවල ගිහින් තුට්ටු දෙකේ රස්සා කරලා, හම්බකරලා සල්ලි හොයා ගන්න වෙලා තියෙන එකයි. හොඳ උගත්කමින් රස්සා කරන අය ඉන්නේ ටික දෙනයි. එහෙම එවන ඩොලර් ටිකත් මේකේ ඉන්න දේශපාලු හොරුටික හරියට අම්මගේ අප්පගේ දේපළ වගේ හිතු මනාපේ ගසාකනවා. ඔය ඩොලර්වලින් ඔවුන් හදන්නේ ඔවුන්ගේ යානවාහන, සැපසම්පත් ටික මොන මොනවා හරි පුහුතර්ක ටිකක් ඇදබාලා ලබාගන්න.
නන්නාඳුනන අයට උදව්කරන්නේ ප්‍රවේශමෙන්. උදව් කලේ මනුස්සකමට. ඒත් උදව්කකරන්න යාමෙන් නැති කරදරයක් ඇතිවුණා.
මේ ඒ ළමයාගේ තාත්තද කවුද දන්නේ... ළමයත් එක්කලා ගෙදර යන්න විදිහකුත් ඕනෑනේ...?
කැඳ ටිකක් හරි දීලා හදාගන්න.
විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධන හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ තානාපති ලෙස නව තනතුරකට පත්වීම් ලද රංජන් රාමනායකට මහතාට කිරීමට ලැබුණු ප්‍රථම රාජකාරිය. විදෙස්ගත අප රටේ සහෝදර කාන්තාවන් සඳහා සාධාරණත්වය සදහා පෙනී සිටින්න...