(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිනකදී දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd