අදත් තැන් තැන්වලට පොඩි පොඩි වැසි මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (15) සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 January 2022
මැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින් පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ. 15 January 2022
දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිට අක්තපත්‍ර ප්රදානය කෙරේ නිවුණු සැනසුණු සමාජයක් දැකීමට අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමින් වහන්සේ කළ දීර්ඝ කැප කිරීම සමස්ත බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට ලක්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 14 January 2022
’’චන්ද්‍රිකා’’ කෘතිය දොරට වඩී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය ’චන්ද්‍රිකා’ කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (14) සිදුකෙරිණි. 14 January 2022
අද ආසාදිතයන් 677 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 677 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 January 2022
විදුලිය අදත් කැපෙන ලකුණු ඇතැම් ප්‍රදේශවල අද (14) රාත්‍රී කාලයේදී විදුලි සැපයුම අත්හිටුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය. 14 January 2022
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 January 2022
‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘ ජනාධිපති කොමිෂන් සභාව වැරදිකරුවන් කළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබුණෙ කොහොමද. මේ බෝම්බෙ පිපිරිලා ඉවර නැ. රට පුරාම බෝම්බ පුපුර පුපුර ඇත්ත එළිවෙමින් තියෙනවා. එදා ඒ අහිංසකයන් මරන්න පුපුරුවපු බෝම්බෙ අද බෝම්බෙ තියපු අය පුපුරවමින් තියනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 14 January 2022
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් හදිසියේ ක්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 14 January 2022
ආසියාවේ සංචාරයට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව ලෝක සංචාරක කවුන්සිලය ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම් නම්කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 14 January 2022
සජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක් රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (14) පැවසීය. 14 January 2022
‘දුම්රිය කාලසටහන් අවලංගු කිරීම පුරුද්දක් වෙලා‘ මාසයකට අවම වශයෙන් දුම්රිය කාලසටහන් තුනක් හෝ හතරක් නිකුත් කර නැවත අවලංගු කරන බවත් වාර්ෂික දුම්රිය කාලසටහනක් නිර්මාණ කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අසමත්ව ඇති බවත් දුම්රිය පාලක සංගමයේ සභාපති දීෂණ පටබැදිගේ මහතා අද (14) පැවසීය. 14 January 2022
‘කොවිඩ් හැදුණු අයත් බූස්ටර් ගන්න ඕන‘ කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ද බූස්ටර් එන්නත ලබාගත යුතු බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යා ආයතනයේ සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර පැවසීය. 14 January 2022
බොරැල්ලේ බෝම්බය ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් බොරැල්ල සියලු සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි සොයා ගැනීමට දිගින් දිගටම විමර්ශන පවත්වන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවැසීය. 14 January 2022
ඔමික්‍රෝන් ගැන තවත් වාර්තාවක් හෙට ඔමික්‍රෝන් සැර කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ වාර්තාවක් අද (15) නිකුත් කිරීමට නියමිතය. 14 January 2022
ලක්ෂ 10 ක දුම්වැටි කොල්ලුපිටියෙන් අල්ලයි තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා දුම්වැටි 12,000 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොල්ලුපිටිය නාගරික පොදුවෙළඳ සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය අද (14) සමත් විය. 14 January 2022
‘‘බොරැල්ලේ දෙවස්ථාන සහ ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධිය සමානයි‘‘ බොරැල්ල දේවස්ථානයේ දී සිදුවී ඇත්තේ ඇපලෝ රෝහලේ වූ ආකාරයෙන්ම සිද්ධියක් යැයි මහජන ආරක්ෂක ඇමති රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා බව පවසයි. 14 January 2022
දොඩංගොඩ ප්‍රා.ස.ක්ෂේත්‍ර වැඩ පාලකවරිය අත්අඩංගුවට රජයේ රැකියා ලබාදෙන බව පවසා විශාල පිරිසකගෙන් රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර වැඩ පරිපාලකවරිය බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 14 January 2022
නුසුදුසු පොහොර වෙනුවෙන් කෝටි 107 ක් ගෙවලා සමාගම් එකොළහක් ආනයනය කළ භාවිතයට නුසුදුසු පොහොර තොගයක් වෙනුවෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පසුගිය රජය සමයේදී (2020) වංචනික ලෙස මුදල් ගෙවීමෙන් රජයට රුපියල් කෝටි එකසිය හතකට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ. 14 January 2022
මිනී කාමර සේවකයා රෝහලේ යකා නටයි මංගල උත්සවයකදී හදිස්සියේ අසනීපවී රෝහල්ගත කළ තරුණයකු පානදුර රෝහලේ වෛද්‍යවරුන් පරික්ෂා කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු රෝහලේම මෘත ශරීරාගාරයේ සේවකයකු බව කියන පුද්ගලයකු තවත් පිරිසක් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වැදී පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 14 January 2022
දුම්රිය ස්ථානාධිපතිවරු පොලිසියට කැඳවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස කළ ඇති දැනුම් දීමකට අනුව පොලිසියට පිටත්ව යන බවත් වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කීය. 14 January 2022
පාර්ලිමේන්තු උත්සවයට ආචාර වෙඩි මුර-රථ පෙළපාළි නැහැ නවවෙනි පාර්ලිමේන්තුවේ දෙ වැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු ප්‍රධානින්ට උපදෙස්දී ඇත. 14 January 2022
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ වර්ජනයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිවරුන්ගේ සංගමය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවාවලින් ඉවත්වී ඇත. 14 January 2022
මංගල සාදයේදී ඇද වැටුණු තරුණයා මරුට මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටි තරුණයෙකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය පවසයි. 14 January 2022
තෙල් සංස්ථාවෙන් විදුලියට දිනකට ඩීසල් ටොන් 1500 ක් විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (14) පෙරවරුවේ පැවසීය. 14 January 2022
අලියෙක් නිසා වුණ ඇබැද්දියක් වැල්ලවාය තණමල්වල මාර්ගයේ තෙලුල්ල 38 නළ ලිඳ ආසන්න ප්‍රදේශයේදී අද (14) ඇතිලිවැව සිට කුරුණැගල බලා කුලී ගමනයක් යමින් තිබු වෑන් රථයක අලියෙකු ගැටිමෙන් අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 14 January 2022
පිටින් ඇවිත් කොළඹ ඉන්න අයගේ විස්තර සොයයි පිට පළාත්වලින් කොළඹ නගරයට පැමිණ විවිධ කටයුතුවල නිරත වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (14) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 14 January 2022
ට්‍රැක්ටර් මතු වූ තැන හාරයි මුලතිව් පුදුමාතලන් වෙරළෙන් මතුවූ ට්‍රෑක්ටර් රථය තිබු ස්ථානය මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කැනීම් ආරම්භ කළේය. 14 January 2022
හින්දු බැතිමත්හු සෞඛ්‍යයට තැන දෙමින් තෛපෝංගල් සමරති හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය (14) දිනට යෙදි ඇත. ආගමික වතාවන්වලට මුල්තැන දෙමින් හින්දු භක්තිකයෝ මහත් උත්කර්ෂවත් අන්දමින් තෛපොංගල් දිනය සමරමින් සිටිති. 14 January 2022
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි පළාත් කිහිපයකට අද (14) සවස් කාලයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 January 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026