(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා අද (25) පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ ලක්‍ෂ 69 ක් ඡන්ද ලබාගෙන ජනාධිපතිවරයකු මෙන්ම යුද්දය ජය ලැබීමට නායකත්වය දුන් නිලධාරියකු වීම නිසා ඔහුට රටට පැමිණීමට කිසිඳු බාධවක් නොමැති බව කී ප්‍රදීප් උදුගොඩ මහතා ඇතැම් දේශපාලන අදිසි හස්තයන් මේ රටේ ජනතාව කුපිත කිරීම නිසා එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නැවත මෙරටට පැමිණීමේ අයිතිවාසිකම මානව හිමිකම් කොමිසම ද තහවුරු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී එළඹෙන දේශපාලන තීන්දු පිළිබඳව තමන්ට ප්‍රකාශයන් කළ නොහැකි බවත් උදුගොඩ මහතා වැඩි දුරටත් කීය.
බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා පැවසීය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිඳු බාධාවක් නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට කොහොමත් පිනා කාලාම පුරුදු නිසා, ඔහොම දෙයක් වුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ..
රටට මෙච්චර වෙලත් තවත් එනවා ලැජ්ජා නැතුව... මේ කරපු අපරාධයට නම් සොබාදහමින් පඩිසන් ලැබෙනවා.
අරගලකරුවන් කිව්වේ මොකක්ද කියලා අමතක වෙලා වගෙයි කතාකරන්නේ... මට මතක් වෙනවා ප්‍රභාකරන් සිංහල මිනිස්සු ගැන කිව්ව කියපු දේ. ඒ නිසා රටේ නැවතත් ප්‍රශ්න ඇතිනොකර ඉන්නවා නම් හොඳයි.
අපොයි ඔව්. මේ රටේ ඕනෑම කෙනෙකුට ජනාධිපති හෝ අගමැති වෙන්න පුළුවන් බව ඉතිහාසය අපිට ඔප්පු කරලා අවසානයි.
Don't make an experiment with the country. He proved his inability in politics !
ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එවල රනිල්ව එලවල ආයෙත් ජනාධිපතිපති වෙන්නත් පුළුවන් නේද?
පුළුවන් නම් එයාව ජනාධිපති කරලා ගෙදර ගිහින් තියාගන්න.
It is a stupid idea. He is not a suitable leader for our country. It is better for to him stay away from politics. People don’t need anymore him as a leader. He ruined the country's administration and economics.
කොච්චර කලත් ගොනා යන්නෙම පොල් පැලයට. මේ රට හදන්න බැහැ කියලා දැන් පැහැදිලියි.
කවුද අනේ මෙයා...? අදමයි නමත් ඇහුවේ...
මෙයා දන්නා දේශපාලනයක් නැහැ. යුද්දේ කාලේ මේ මනුස්සයා හිටියේ බිලට් එකේ. කෑම උයපු එක කලේ... අපිටත් ඕනෑ ගෝඨාව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න තමයි. ඒ අපේ රජයක් තුළදී මිනිහා කට්ටි පැන්න නඩු 35ම විභාග කරලා වැරදි කාරයෙක් වුණොත් ජීවිතාන්තයටම කූඩුවට දමන්න අමුඩයක් ගස්සලා. මෙය අනිවාර්යයෙන්ම කරනවා. ගෝඨාභය පමණක් නොවයි, රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ රංචුවත් කූඩු කරනවා කරනවාමයි.
රටේ ඇති වුන විවිධ අර්බුදයන්, මේ දෙවසර තුළදී ඇති වූවාක් සේ, පෙන්නා, සහ එහි ඇති කටුක බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිටට පටවා එතුමා පන්නා දමා තමුන්ට රටේ බලය ලබා ගන්න වෙර දැරූවන්ට අද මහඡනයාගේ කැමැත්ත අහෝසි වී ඇති බවක් තමයි වෙලා තියෙන්නේ...
හොඳටම කරපු ජනාධිපති. 69 ලක්ෂයක් රැළකගේ ඡන්දයෙන් පත් වුනේ...
හොරුටිකක් ජනතා පරමාධිපත්‍යය පැහැරගෙන ඇතිබවට, කදිම සාධකයක් නේද මෙම කියමන...?
මේ මන්ත්‍රී මෙහෙම කියද්දී උපුල් ජයසූරිය නීති සංගමයේ හිටපු සභාපතිතුමා කියනවා කිරිමණ්ඩල පාරේ මිලියන 400කට රාජපක්ෂ පවුලේ කෙනෙක් නිවසක් සහිත ඉඩමක් මාස කීපයකට පෙර ගත්තා කියලා... ඒ නිසා ඔවුන් අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා... ඇත්තටම කවුද අප්පා හරි..?
මේ සෙට් එකට රට හදන්න වුවමනාවක් නෑ. පවුල් හදන වුවමනාව පමණයි.
වෙන්න නම් පුළුවන්. ඒත් මිනිසුන්ට ඉන්න වෙන්නේ අපායක. ඒකද ඔහේට ඕන කරන්නේ?
මෙවැනි මෝඩ කතා කියන්නේ මිනිස්සු නැවත කුපිත කරලා රට අරාජික කරන්නද? ගෝඨාභයට මොලයක් තිබේනම් පැත්තකට වෙලා ඉඳියි.
රටේ අනාගතය සෙල්ලමකට ගන්න එපා. මැතිවරණයක් තියලා මෙම ප්‍රශ්නය විසදනු.
මෙයාට පිස්සු හැදිලා වගේ.
ඇත්තටම මේ රට පාලනය කරන්නේ අන්ගොඩින් පැනලා ආපු අය කියලා මේකෙන් පැහැදිලිවම පේනවා.
මේ තරම්ම ලංකාව අවාසනාවන්තද?
මෙයාව ආපහු ගේන්න යෝජනා කරන අය කුළුහරක් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ හරක් බව අපි දැන සිටියමුත් මේ තරම් මෝඩ මී හරක් ඉන්න බව දැනගත්තේ මේ පුවතින්. ලංකාවේ ඉන්න පොහොට්ටුවේ අය හැර ඉතිරි අය ඉතියෝපියාවට හරි යන එක මේ රටේ මේ අයත් එක්ක ඉන්නවට වඩා හොදයි.
මේ වගේ ඒ්වා පත්තර වල දාන්න එපා.
ඉතින් ජනාධිපතිකමම ආපහු දෙන්නකෝ. පුරුදු රස්සාවනේ.
වතු වැඩේ කරන්න අකැමැති කෙනෙක් මොකටද?
අර රසායනික පොහොර තහනම් කිරීමට පෙර අගමැති, ජනාධිපතිකම අරගෙන, ජනාධිපතිකම අගමැතිට දුන්නා නම් ඒ කියන්නේ මහින්ද මහතාට ජනාධිපතිකම දී ගෝඨාභය මහතාට අගමැතිකම ගත්තා නම් අද ඔය තිබෙන ප්‍රශ්න කිසිවක් ඇතිවෙන්නේ නැහැ කියන මතයක් තිබෙනවා.
මේ වගේ ගොබ්බ කතා කියන අයගේ ඔලුව පරික්ෂා කරන්න. ඔයාට ඕනෑනම් ජොන්ටාව ගෙදර එක්කගෙන යන්න.
අපේ රටේ එදා ඉඳලා තිබුණේ ලැජ්ජාවක් නැති දේශපාලනයක්... කුමන්ත්‍රණ. මේ කියමන ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. රටේ ඉහළම තනතුර දරලා පහළම තනතුරට එනවා කියන්නේ පොලිසියේ DIG... පෙන්ෂන් ගිහිල්ලා ට්‍රැෆික් ඩියුටි කරනවා වගේ...
මෙයාව කිසිම රටකින් බාරගන්න කැමති නෑ. වීසා දෙන්නේ නෑ. ඇමෙරිකාවට යන්නත් බෑ එහෙන් පිළිගන්න කැමැති නෑ. අන්තිමට ඉතින් යන්න තැනක් නැති නිසා මෙහෙ එනවා. අපිත් බාර ගන්න හොද නෑ රට කාපු අයව. අපේ රටේ ඉන්නත් නැති කලා. උදුගොඩ ඒ කාලේ ආමි එකේ උයලා ගෝඨාගෙන් තනතුරු අරගෙන දැන් ඉතින් කඩේ යන්නේ නැතුව බෑ නේ.