(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නොලැබුණු බවත් ඒ හේතුවෙන් රටපුරා ලංගම ඩිපෝ රැසක ඩීසල් අවසන් වී ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.

ඩිපෝවලට ඩීසල් හෙට වන විට ලැබේ යැයි විශ්වාස කරන බව කී එම නිලධාරියා මෙම තත්වය හේතුවෙන් ඩිපෝවලින් බස්රථවලට ඩීසල් ලබාදීමට නොහැකි වී ඇතැයි ද සඳහන් කළේය.