(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

ගාල්ල නගරයේ ඇඳුම් මසන්නකු ලඟ තිබි දුම් බෝම්බ දෙකක්,ගුවන් යානා නාශක උණ්ඩ කොපු 10ක් එල්.ටී.ටී.ඊ.සංවිධානය  භාවිත කළ සන්නිවේදන උපකරණයක්  සමග අත් අඩංගුවට ‍ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල තලාපිටිය තක්කියා පාර පදිංචි 63 හැවිරිදි ඇඳුම් මසන්නෙකි.

මෙම සැකකරු ගාල්ල නගරයේ ඇඳුම් මැසිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර එහි ආයුධ සඟවා ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වැටලිම කර ඇත.

මෙම සැකකරු සහරාන්ගේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇප ලබා පැමිණ සිටින අයකු බව පොලිසිය පවසයි.