(සුජිත් හේවාජුලිගේ)
මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින් සිස්ටම් චේන්ජ් (ක්‍රමයේ වෙනසක් ඇති කිරීම) කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ප්‍රතිපල නොමැති බොරු " සිස්ටම් චේන්ජ් " ( ක්‍රමයේ වෙනසක්) වලින් ඵලක් නැතැයි පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ් කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික ,ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමීමේ උත්සවයේදීය
මෙම උත්සවය එහි ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාරයේදි ඊයේ (24) පැවැත්විණ.
අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු චේන්ජ් කළ බවත් වරායේ තනතුරු වලට තමා කිසිවිටකත් ඥාතීන් හෝ දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
තමා වරාය අධිකාරියට පත් කළේ ඒ ඒ ක්‍ෂේත්‍රවල වෘත්තීය නිපුණයින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමනාකාර අධ්‍යකෂ උපුල් ජයතිස්ස, මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ ප්‍රධාන පුහුණු කළමනාකරු එස්.එච්.පත්මිණි කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිදු ඩි. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් චේන්ජ් කරන්න කලින් මුලින්ම කොමිස් පගා ගහන පරණ නාකි සෙට් එක ගෙදර යවන්න ඕන
එහෙනම් කොහොමද කරන්නේ හොරුන් ඉතා බලවත් ඔබතුමත් උන් එක්කමනේ හිටියේ
ඔබලා මේ රටේ වසර කීයක් නම් පාලනය කලාද? යුද්දේ දේලෙටත් වඩා රට අමාරු තැනට ගිහින්. ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒ නිසා මේ රට හොරකම් නොකරන (රජයේ මුදල් අවභාවිතා නොකරන) රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව දිසා ගත කරමින් කටයුතු කරන දේශීය නිෂ්පාදන දිරිගන්වන ආයාත ආදේශන කර්මාන්ත දිරිගන්වමින් රටට විදේශ සම්පත් ඉතුරුකරන අපනයන ප්‍රවර්ධනය කර විදේශ සම්පත් වර්ධනය කරන වාගේම අරපිරිමැස්මෙන් විදේශ මුදල් පරිහරණය කරන, නීතිය සැමට සාදාරණව ක්‍රියාත්මක වන එමෙන්ම රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගතහැකි අගය එකතුකල නිෂ්පාදන ප්‍රවර්ධනය ආයෝජන දිරිගන්වමින් රටට විදේශ සම්පත් ලැබෙන වෙනසකට මේ රට ගෙන යන්න නැතිනම් ඔබලාට අනාගත පරපුර සාප කරාවි.
කොන්ත්‍රාත්තුකරුවන්ගෙන් පගාව ඉල්ලලත් “සිස්ටම් චේන්ජ්’’ කරන්නත් බැහැ. තරුණයන් දේශපාලනයට එන්න නම්, මෙයා වගේ නාකි සෙට් එක විශ්‍රාම යන්න ඕන
කෝටි දෙක තුනක් ජපන් කම්පැනියකින් ඉල්ලන්න පුලුවන්ද?
ඉන්න ඊළඟ ඡන්දේ එනකං..
මේ වගේ වයසක උදවිය ඉන්නකන් මොන සිස්ටම් චේන්ජ් එකක්ද? රටේ කරුමෙට උපන් අය...
අපිට තේරෙනවා ආයුබොවන්... අපිට තියෙන්නේ අරගලේ අය පීසාකෑවා... පිටරටින් සල්ලි ගෙන්නවාගෙන විනෝද වුණා කියලා ඔවුන්ව කන්ඩෙම් කරලා කෝටි ප්‍රකෝටි ගණන් රට විකුණා ගසා කාපු ඔබලාව අගේ කරමින් වන්දනා කරන එකයි. එහෙම නේද ආයුබෝවන්...?
ගෝඨාභය රටින් පැනලා යනකොට අලුතින් ජනාධිපති, අගමැති පත්වුණේ අරගලයෙන් නෙවෙයිද? හැබැයි ඒක හරියට වුණේ නැති නිසා නේද ඔය වගේ වචාල දොඩවන්නේ..?
බෝම්බයක්ම දාන්න වෙනවා.
එහෙම සිස්ටම් චේන්ජ් කරපු රටවල් ලෝකයේ ගොඩාක් තියෙනවා. රුසියාව හොඳම උදාහරණය. පගා ඉල්ලන්න විතරයි දන්නේ. ගිහින් පුස්තකාලයෙන් පොතක්පතක් බලලා යමක් ඉගෙන ගන්න...
සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් 226 ගෙදර ඇරියොත්.
අනේ නිමල්, ඔයත් දේශපාලන කුණු බක්කියට වැටිලා හමාරයි...
ඔව්.. ඔව්.. පාර්ලිමේන්තුවෙයි, අනිත් සභාවල රැස්වීම්වලයි කට ඇරගෙන නිදාගෙන තමයි සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන්තතත ඔහේගෙ අවුරුදු ගාණක දේශපාලන ජීවිතේ කරපු එක චේන්ජ් එකක් තියෙනවද?
ඔහේලා පාර්ලිමේන්තුවේම නාකි වුණත් කරන්න බැරි වුණානේ..!
හ්ම්... ඒකතමයි පහුගිය කාලේ ඇඳ යට රිංගගෙන හිටියේ..!
අරගල කරලා හරියන්නේ නෑ... මම වගේ කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාගෙන බඩ පැලෙනකන් කැන්ටින් එකෙන් කාලා අහුවෙන පුටුවක හොඳට නිදාගන්න ඕනෑ.
මහපාරේ විතරක් කරලා මදි හින්දා තමයි ජනතාව මන්දිර වලටම ගිහිල්ලා එලවල දැම්මේ...!
අප රටේ අවාසනාවට ඔබලා වගේ අය දේශපාලනයෙන් විශ්‍රාම ගන්නෙ නැහැ
දේසපාලනෙන් බඩවඩා ගත්තු වයසක උදවියට ,බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ.. කොහොමටත් එයාලා සිස්ටම් එක වෙනස්. කරනවට කැමති අය නෙවෙයි .
If old MPs like you retire
හොරකම් කරලාම තමයි කන්න පුළුවන්...
ඔහු සිස්ටම් චේන්ජ් එකකට සුදුසු පුද්ගලයෙක්... මොකක්ද මේ විහිළුව..?
අපිත් ඉන්නේ. එහෙම කරන්න බලාගෙන තමයි. රට කනවා. මෙයා හැමදාම ඇමැති. අපිට හැමදාම නොමැති.
මේ වගේ දේශපාලකයින් දේශපාලනයෙන් ඉවත් කර දැමිය යුතුයි. සුනාමි ආධාර ලෙස ලැබුණු ගාල්ලේ මාතෘ රෝහල තවමත් විවෘත කරන්න බැරි වුනේ මෙයා නිසා...
ඔව්. මේ වගේ අල්ලස් අරගෙන තමයි වැඩ කරන්න ඕනේ.