
( තිලකරත්න දිසානායක)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක් සිදුවන බව වාර්තාවේ.
මාර්ගය සකස් කිරීමේදී කොන්ක්‍රීට් කොටස් සම්බන්ධ කිරීම පිනිස පිටතට යොදා ඇති කම්බි කොටස් හොර රහසේ කපන තත්ත්වයක් පවතින බවත් මෙලෙස එම කම්බි කපාගෙන යාම හේතුවෙන් යළි සැකසීමේදී අමතර වියදමක් දැරීමට සිදුවන බවත් ව්‍යාපෘති සේවකයින් පෙන්වා දෙති.
ගම්පහ සහ මීරිගම යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට ඉදිකිරීම් කටයුතු නතරවී ඇති ස්ථානයන්හි කම්බි කපා යකඩවලට අලෙවි කිරීම සිදු කෙරෙන බවත් මෙලෙස කම්බි කැපීම මත යළි ඉදිකිරීම් සිදු කිරීමේදී ජනතා මුදල් වැය කිරීමට සිදුවන බවත් ව්‍යාපෘති සේවකයින් පිරිසක් කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයාගේ සිට පාලිතයා දක්වා අවභාවිතාවටම උපන් රටක්. පිටරට ඉන්න අපිට ඔලුව රිදෙනවා මේවා දැකලාම...
ගම්පහ නගරය අවට ගම්මාන වෙන අකරවිට, කොස්ඕවිට, පහලගම, මාකිලංගමුව, රත්මල්විට යන ගම්මානවල ඉන්න කුඩ්ඩන් සහ පල් හොරුන් තමා ඔව්වට වගකියන්න ඕනෑ. ගෙදරක යකඩ කෑල්ලක් නෑ. පොල්ගහක ගොක් අත්තක්, පොල්මලක් නෑ. කෙහෙල් කැනක් පේන්න නෑ. සේරම කුඩ්ඩන් උස්සන් ගිහින්.