(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
මෙම ව්‍යාපෘතියට අදාළ නීතිමය පසුබිම සකස් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමේ විශේෂ සම්මන්ත්‍රණයක්මේ මස 30 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික සහ රෙගුලාසි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, අපේ රටේ විදුලිබල අර්බුදයක් නැද්ද?
හොද වැඩක්. නමුත් ඔය ත්‍රීරෝද රථ ආරෝපනය කිරීමට යොදා ගන්නා විදුලිය ලබා ගන්නේ කෙසේද? අපි දැනට මුලින්ම කරන්න ඕන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට සූර්ය තාප විදුලි ජනක (Solar power) යන්ත්‍ර පිහිටුවා ගැනීම සදහා දිරිමත් කිරීමයි. ඒ සදහා යම් බදු සහනයක් ලබාදී හෝ මෙම ක්‍රමය අඩුම තරමින් එක් ගමකට නිවාස 25ක් වත් ලෙස ක්‍රියාත්මක කලොත් මේ පවතින විදුලි අර්බුධයට එය යම් පිටුවහලක් වේවි. අවසානයේ එය ඉන්ධන අර්බුධයටත් පිළියමක් වේවි.
මොන නවීන වැඩේ කරන්න ගියත් නීතිය හරස් වෙනවා. හරියට හනමිටි කතාව වගේ. ඔය නීතියෙන් වැරදි කාරයෙක් නිවැරදි කරගන්නත් බෑනෙ. ඒවා යාවත්කාලීන වෙන්න ඕන. ඔය රෝද තුනේ වාහනේ විදුලියෙන් දුවන්න හදලා මදි. ඒවා ආරෝපණය කරගැනීමට සූර්ය බලය භාවිතා කළ යුතුයි.
මේ රටේ හැමදාම රට ගොඩ දාන්න පුලුවන් වගේ වැඩ පටන්ගන්න අනුමැතිය දීලා ව්‍යාපාරිකයො ඒවට ඉන්වෙස්ට් කරාට පස්සෙ එකපාරටම ඒ නිති වෙනස් කරනවා, එව්ට ඒ ව්‍යාපාරිකයා නැත්තටම නැති වෙනවා, ඒ නිසා අපිට අවශ්‍ය රජයේ හිතෙන හිතෙන වෙලාවට වෙනස් වන නීති නැතුව ධීර්ගකාලීන නොවෙනස් වන නීති. අපි උනත් එතකොට තමයි මේවගේ අලුත් දේවල් වලට ඉන්වෙස්ට් කරන්නෙ
කුඩා ප්‍රමාණයේ කාර් සඳහාත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බලන්න...
බොහෝම හොඳයි.. වරදින්න ඕනෑලු හරියන්නත්... අපේ හදපිරි ස්තුතිය..!