(අංජුල මහික වීරරත්න)
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ස්විට්සර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට එරෙහි සංචාරක උපදේශන ලිහිල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) ප්‍රශංසාව පළ කර තිබේ.
ශීත ඍතුවෙිදී ස්විස් සංචාරකයන්ගේ හොඳම ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්කිරිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාවරුන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග මහතා පැවසීය
මෙමගින් ස්විට්සර්ලන්ත සංචාරක ක්‍රියාකරුවන්ට නැවත වරක් ශ්‍රි ලංකාව ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි විජේතුංග මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකාවේ නවතම වර්ධනයන් සැලකිල්ලට ගෙන දේශපාලන හා සමාජීය තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ස්විට්සර්ලන්ත රජය සිය පුරවැසියන්ට නිර්දේශ කර ඇත.
“සමාජ ජාල ඇතුළු දේශපාලන සාකච්ඡාවලින් වළකින ලෙසත්, පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින ලෙසත් ස්විට්සර්ලන්ත රජය සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංකාව ගැන සංචාරක නීති ලිහිල් කළ ස්විට්සර්ලන්තයට ප්‍රශංසා