(යොහාන් භාසුර)
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවීමෙන් එම ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඇලුමිනියම් වැහිපීලි, ජලනල සහ ටයිල් ඇතුළු භාණ්ඩ රැසක් මේ වන විට ආනයනය තහනම් කර ඇති බවත් එක ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමෙන් ටයිල් ආනයනය තහනම් කර දේශීය වශයෙන් මිල වැඩි කර ටයිල් හිඟයක් නිර්මාණය කරමින් ටයිල් මාෆියාවක් පවත්වාගෙන යන බවත් ලියනාරච්චි මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ රටේ හදාගන්න පුලුවන් දේවල්නේ. ලෝකෙ හොඳම ටයිල් වර්ගයක් ලංකාවෙ තියෙන්නෙ. වැහි පීලි අපේ රටේ හදගන්න බැරිද? පුරුදු ක්‍රමය අත හැරලා ස්වාධීනව නැගිටින්නයි අප උත්සහා කළ යුත්තේ.
මොනවා කරන්නද? පොල් අතු, මැටි, කබොක් වලින් ඉදිකිරීම් පුළුවන් විදියට කරන්න බලමු නේද.
අලුතෙන් කඩා වැටෙන්න දෙයක් නෑ. දැනටම 95%ක් විතර කොන්ත්‍රාත් නවතලා තියෙන්නේ...
පිට රටින් ලංකාවට ටයිල් ගෙන්වන්න දෙන්නේ නැතිනම් ලංකාවේ නිපදවන ටයිල් වලට උපරිම පාලන මිලක් දමන්න. ලංකාවේ තිබෙන ටයිල් ආයතන දෙකම අයත් වන්නේ එක පුද්ගලයෙක්ට. ඔහු හිටපු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මහා පරිමානයෙන් ටයිල් මිල වැඩි කරමින් ගසා කෑවා. ඉදිකිරීම් සහ සංචාරක ශ්‍ත්‍රෙය සම්පූර්ණයෙන්ම අනාථ කරනවා. රනිල් ඔබතුමා වැඩකාරයෙක් නම් මේ දේශ ද්‍රෝහියට පාඩමක් උගන්වන්න. ඔහු ඔබටත් බැන්නා.