(නිමන්ති රණසිංහ)
පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි විෂය ලිපිකාරිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (25) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ විෂය ලිපිකරු වන මොණරාගල ඔක්කම්පිටිය පදිංචි ආර්. එම්. තමරා දිල්හානි සහ ආර්. ඩී. උපුල් රත්නායක නැමැති අඹුසැමි යුවළකි.
1921 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ පිහිටුවා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර හයකට ආසන්න කාලයක මුදල් රුපියල් හත් කෝටි තිස් අට ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැටනවයයි සත තිස් හතක මුදලක් (රු.73,839,369.37) වංචා කළැයි පොල් සංවර්ධන මණ්ඩලය කළ පැමිණීල්ලකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පොල් සේවකයන්ගේ ආර්ථසාධයකට විද්ද එහි ලිපිකාරිනිය සහ සැමියා රිමාන්ඩ්