
(අංජුල මහික වීරරත්න)
රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
රංජන් රාමනායක මහතාට නිදහස ලබා දුන් ජනපතිට ස්තුතිය ප්‍රකාශ කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කරයි.
"මා හිතවත් දේශපාලන සගයා, රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකළ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සහය දුන් සැමට ස්තුතියි ! යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දවස කවදා ඒවිද කියලා තමයි අපිත් බලාගෙන ඉන්නේ? කයිවාරු ගහනවා විතරයි..
මෙයාවත් එළියට දාලා (ඒක නම් එච්චරම අවුලක් නෑ) ඊලාම් සිහිනවලටත් නැවත පාර හදලා මාරු වෙයිද දන්නේ නෑ. බලාගෙන ඉමු ඉතිං..!
කොහොම හරි ඒකෙනුත් ළකුණු දාගන්නකෝ.
නියමයි.! ඒකත් එක්කම සමරිසි තහනමත් ඉවත් කරමු. ලංකාවට අම්බ සරණයි...!!!
රංජන්ටත් ටිකක් ලංකාව කන්න දෙමු. මොකද සමහර අය හිතන් ඉන්නේ හරි හොඳ වැඩ්ඩෙක් කියලා...
පින්තුරෙ පිටිපස්සෙ ඉන්න එක්කෙනා දැන් ලකුණු දාගන්න එන හැඩයි පේන්නේ..!